දර ඉල්ලුම ඉහලට – චන්දන ජයවීර හැටන්

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂෙත්‍ර ගනනාවකට සිය ජීවනෝපාය අහිමි වෙමින් පවතින බව ට විවිධ රැකියාවල නිරතව සිටි පිරිස් මැසිවිලි නගති.එම තත්ත්වය හමුවේ සිය දරු පවුල් ජීවත් කරවීම වඩාත් දුෂ්කර කටයුත්තක් බවට පත්වෙමින් තිබෙන බව ද පවසති.

ඒ අනුව හැටන් නගරයේ කුකුල් මස් අලෙවිසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් එහි දර මිටි විකිණීම ආරම්භ කර තිබේ.එමෙන්ම නගරයේ ප්‍රධාන විධියේ හා බොහෝ ස්ථන වල දර මිටි අලෙවිකිරිමට තබා තිබෙන අයුරු දැකිය හැකිය.

ජනාකීර්ණ නගරබද ප්‍රදේශවල පසුගිය දසකය පමණ කාලය තුලදී දරමිට අලෙවි කිරිමක් දකින්නට ලැබුනේ නැත.ගැස් හා විදුලි බලය මෙන්ම භූමිතෙල් භාවිතා කරමින් නිවාස වල හා හෝටල් හා ආපනශාලා වල ආහාර පිසිමේ කටයුතු සිදු කරමින් තිබුන ද ඇතිව තිබෙන අර්බුදය හමුවේ හොටල් සහ ආපනශාලා මෙන්ම නිවාස වල ද දර ලිප හා ලී කුඩු ලිප පරිහරණයට හුරු වෙමින් සිටිති .

රුපියල් 650 ක් වැනි උපරිම මිලකට අලෙවිකල කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1300 ක් පමණ දක්වා මිල ඉහලයාම නිසා අතමිට මුදල් ඇති අය පමණක් මිලදි ගැනීම සිදු කරන බවත් ඒ තත්ත්වය හමුවේ කඩ කුලිය ගෙවීම.විදුලි හා ජල බිල් සේවක වැටුප් ගෙවීම ඇතුළු තම දරු පවුල ජීවත් කිරිම දැඩි ලෙස අසිරූ වී ඇති බැවින් දර මිටි විකිණීම ආරම්භ කල බව පවසන වෙළදසැල් හිමිකරු මාසයකට පමණ පෙර රුපියල් 35 ට අලෙවිකල දර කෑලි 7 ක්පමණ ඇති අගල් 14 ක් පමණ වු දර මිටියක් දැන් රුපියල් 160 දක්වා මිල ඉහල ගොස් ඇති බව ද පැවසීය .

එමෙන්ම මෙසන් බාස්වරයෙකු ලෙස ජීවිකාව ගෙවමින් සිටි පුද්ගලයෙක් ලදුකැලෑ පිරමින් දර කපා මිටි බැඳ අලෙවි කිරිමේ කටයුත්තක් අරඹා ඇත.පවුලේ 7 කු සිටින බව පවස න ඔහු තම බිරිද සමග එක්ව  ප්‍රදේශයේ වෙනත් පුද්ගලයන් සතු ඉඩම් වලින් එම පිරිසගේ අවසරය මත කුඩා ගස් හා වැට වැනි ශක කපා දර මිටි බඳිමින් දරු පවුල නඩත්තු කිරිම සිදු කරමින් සිටියී .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *