මහනුවර දොස්තරගේ තෙල් සොරා ගත් අයෙකු මාට්ටු – මහනුවර වාර්තාකරු

මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ නවතා තිබු වෛද්‍යවරයෙකුට අයත් යතුරු පැදියකින් පෙට්ට්‍රල් සොරාගත් බව කියන පුද්ගලයෙකු රෝහල් ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අංගුවට ගනු ලැබ තිබේ.
ඉන්ධන අර්බුදය හේතුවෙන් යතුරු පැදියෙන් මෙදින සේවයට වාර්තා කර තිබෙන වෛද්‍යවරයා වාට්ටු අංක 28 ආසන්නයේ යතුරු පැදිය නවතා තිබියදී සැකකරු මෙම ඉන්ධන සොරකම සිදුකර ඇත.
මෙයට ප්‍රථමද අවස්ථා දෙකකදී මෙම යතුරු පැදියෙන් සැකකරු ඉන්ධන සොරාගෙන තිබෙන බව අනාවරණය වී තිබේ.
ආරක්ෂක නිලධාරීන් සිද්ධය දකිනා විට සැකකරු යතුරු පැදියෙන් ඉන්ධන මිලි ලීටර 500 ක පමණ ප්‍රමාණයක් පිටතට ඇද තිබූ බව මහනුවර ජාතික රෝහල් ආරක්ෂක අංශ ප්‍රධානී මහින්ද ජයසිංහ මහතා කීය.
වෛද්‍යවරුන්ගේ වාහන නතර කිරීම සඳහා ඇති රථගාලේ තිබූ යකඩ බට දෙකක් සොරා ගෙන යමින් සිටි පුද්ගලයෙකුද මෙදින ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර බෝගම්බර සහ මහයියාව ප්‍රදේශ වල පදිංචි සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා මහනුවර පොලීසියට බාරදී ඇත.