රසදියෙන් විදුලිය නිපදවන්න විදුලිජනන යන්ත්‍රයක් – මහනුවර වාර්තාකරු

රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කිරීමට ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න මහතා සමත්ව තිබේ.
මිනිරන් වලින් සකස් කරන ලද එන්ජිමකට රසදිය යොමුකර ඒ තුළදී සෙල්සියස් අංශක 300 ක පමණ උෂ්ණත්වයක් යටතේ රසදිය භ්‍රමණය කිරීම මගින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් කිලෝ වොට් 07 ක ටර්බයිනයක් කැරකවීමෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන බව විකුම් පවසයි.
අදාළ යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය උපයෝගි කරගෙන නිවසේ සියලු විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට ඔහු මේ වනවිට සමත්ව ඇත.
වසර හයක පමණ කාලයක් රසදිය ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස මෙම නව සොයා ගැනිම සිදුකර තිබෙන අතර එමගින් මේවන විට කිලෝ වොට් 07 ක විදුලි උත්පාදනයක් සිදුකළ හැකි බව විකුම් පවසයි.
නව නිෂ්පාදනය සමබන්ධව විකුම් දිඹුල්ගස්තැන්න මහතා මෙසේ විග්‍රහ කළේය.මේවන විට විදුලිය නිෂ්පාදනය සඳහා ලෝකයෙ ජලය,දැවි තෙල්,ගල් අඟුරු,ඩීසල්,පෙට්ට්‍රල් වගේ දේවල් යොදා ගන්නවා. ජලය හැරුණම අනිත් දේවල් ක්ෂය වෙනවා. ජලය වුණත් වියළි කාලයේදී අඩු වෙනවා. රසදිය කියන්නේ ක්ෂය වන ලෝහයක් නෙවෙයි. එක් වරක් පමණයි රසදිය යොදන්න ඕන. ඊට පසු අපට තිබෙන්නේ ප්‍රතිලාභ ගන්නයි. මේ වනවිට අපට අඛන්ඩ විදුලි සැපයුමක් කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඉන්ධන හිඟය නිසා රටම අවුලකට පත්වෙලා.අනිත් පැත්තෙන් විදුලි ගාස්තුත් විශාල ලෙස වැඩි කරන්න යනවා.රසදිය භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කළොත් අපිට අඛන්ඩව ඉතා අඩු මුදලකට විදුලි ඒකකයක් ජනතාවට ලබා දීමට පුළුවන්. ලෝකයේ කිසිදු රටක මේ ක්‍රමය භාවිත කරමින් විදුලිය උත්පාදනය කරලා නැහැ. බටහිර ජාතීන් මේකෙන් මොනවා හරි කරලා නැත්නම් අපිට කරන්න පුළුවන්ද කියන මානසිකත්වයේ ඉඳගෙන බැලුවොත් අපි ඉවරයි. රසදිය භාවිතයෙන් රාවණා දඬු මොණරය රැගෙන ගියෙත් රසදියෙන් කියලා කියනවා. මේවා අපේ සංස්කෘතිය හා බැදුණු දේවල්. රදසිය කිලෝවක් යොදා ක්‍රියාත්මක කරන යන්ත්‍රයෙන් මම නිවසේ බල්බ් 15 ක් විතර දල්වනවා.රූපවාහිනිය,රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. කාර්මික වැඩපොළේ සියලු කටයුතු කරන්නෙත් රසදියෙන් නිපදවන විදුලි බලය ආධාරයෙන්.
විකුම් මෙයට පෙර අවධිමත් ලෙස පරිසරයට බැහැර කරන කසළ යකඩ,වීදුරු,ප්ලාස්ටික් ලෙස වෙන්කර හඳුනා ගෙන ඒවා වෙන් වෙන්ව ප්‍රතිචක්‍රීකරණයට යොමු කළ හැකි යන්ත්‍රයක් සකස් කළේය. නව විදුලි උත්පාදන යන්ත්‍රය සකස් කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය වූ බව ඔහු පවසයි. රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳව විධිමත් සොයා බැලීමක් කර එය රටේ ක්‍රියාවට නැන්වීම සඳහා මැදිහත් වන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.
රටේ විශාල විදුලි මාෆියාවක් තිබෙනවා. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම යථාර්ථයක් කරගන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ. අපි රටක් ලෙස මේ මානසිකත්වයෙන් මිදිය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ රටම අගාධයට ගමන් ගැනීමයි. අපි නව නැපැයුමක් කළොත් ගොඩක් අය කරන්නේ ඒකට අතදීම වෙනුවට පාගලා බිමට තල්ලු කරන්නයි. මට එැවැනි අත්දැකීම් ඕන තරම් තිබෙනවා. මේ නව නිපැයුම තවත් දියණු කර රටේ ආර්ථික ක්‍රියාවලියට ශක්තියක් කර ගැනීමට කටයුතු කළොත් අපේ අනාගත බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගත හැකියි.
රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන නව යන්ත්‍රය බිහි කිරීම සදහා ප්‍රදීප් නිශ්ශංක,සරත් වික්‍රමසිංහ,කිංග්ස්ලි රාජපක්ෂ,ආර්.එම් නන්දසේන,කේ.පී රත්නසිරි,ලසන්ත කුමාර,ගාමිණි සංජීව,එරංග ලක්ෂිත යන අය විකුම් ට කාර්මික අංශයෙන් සහය ලබා දී තිබේ..නව යන්ත්‍රය උපයෝගි කරගෙන එළඹෙන නිකිණි මහේ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආලෝක පූජාවක් පැවැත් වීම විකුම් ගේ බලාපොරොත්තුවයි…..