තුම්මෝදර වැලි පොළකින් ඩිසල් මතුවෙයි – හලාවත කෞශල්‍යා කොඩිතුවක්කු

නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වැටලීමට මාරවිල පොලීසිය සමත් වේ.
ඩීසල් ලීටර් නවසීයකට ආසන්න ප්‍රමාණයක් අඩංගු ප්ලස්ටික් බැරල් හතක් මෙහිදී සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතර හමාරකි.
මාරවිල පොලිස් වසමට අයත් බටහිර තුම්මෝදර ප්‍රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සගවා තිබියදී මෙම ඩීසල් තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
නාත්තන්ඩිය නගරයට ආසන්න තුම්මෝදර ප්‍රදේශයේ පිහිටි ඉන්ධනපිරවුම් හලකින් මෙම ඉන්ධන තොගය සූක්ෂම ලෙස ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ.
මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයා සහ ඩීසල් තොගය ප්‍රවාහනය කිරීමට උපයෝගී කරගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ
අත් අඩංගුවට පත් සැකකරු මීට පෙර අවස්ථා කීපයකදී මෙම ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන ලබා ගැනීමේදී සිදු කරන ලද අකටයුතුකම් හේතුවෙන් පොලිසිය විසින් දැඩි ලෙස අවවාද කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු මාරවිල අධිකරණය ඉදිරිපත් කිරීමට නිමිතව තිබුණි.
හලාවත ජේෂඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධීකාරි එස්.ඩී ආර් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ මාරවිල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. පී රත්නායක මහතාගේ මගපෙන්වීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලලිත් සදසිරි, පොලිස් පරීක්ෂක හේරත්, ගජනායක,උප පොලිස් පරීක්ෂක ග්‍රේටන් ,පොලිස් සැරයන් 31178 ඥානරත්න, කාන්තා පොලිස් සැරයන් 1493 ස්වේතා,පොලිස් කොස්තාපල් 99339 හපුආරච්චි යන නිලධරින් මෙම වැටලීම සිදු කළහ.