ඩෙංගු යලිත් හිස ඔසවයි – මහනුවර වාර්තාකරු

මහනුවර නගරික සීමාව තුළ පසුගිය සති හයක කාලයේදී ඩෙංගු රෝගීන් 100 දෙනෙකු වාර්තා වූ බවත් ඉන් 69 දෙනෙකුම පාසල් සිසුන් බවත් මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පවසයි.
මෙම වසරේදී මේ දක්වා ඩෙංගු රෝගීන් 223 දෙනෙකු නගර සීමාවෙන් හඳුනා ගෙන තිබෙන බවත් ඒ අතර පාසල් ළමුන් 106 දෙනෙකු සිටින බවත් ජයසිංහ මහතා පැවසුවේය.
මහනුවර නගර සීමාවේ පාසල් 32 ක් පරීක්ෂාවට ලක් කළා.එහිදී පාසල් 30 ඩෙංගු කීටයින් හමු වුණා.බූවැලිකඩ,මාපනාවතුර,අරුප්පල,බෝවල,මුල්ගම්පල හා සුදුහුම්පල යන ප්‍රදේශ වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා.
අධ්‍යාපන කටයුතු අඛන්ඩව සිදු නොවීම නිසා පාසල් පරිසරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය අඛන්ඩව සිදුවන්නේ නැහැ.මේ නිසා පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටයන් ව්‍යාප්තිය වෙනදාට වඩා ඉහළ මට්ටමක් ගන්නවා.ඉන්ධන හා රසායන ද්‍රව්‍යවල හිඟය හේතුවෙන් ධූමායන කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගතහැකි හොඳම ක්‍රියාමාර්ගය තමා අවට තිබෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම.දිවා කාලයේදී නිවසින් බැහැර වන්නේ නම් පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂක භාවිත කිරීම සුදුසුයි.වර්තමානයේ රටතුළ උද්ගතව ඇති ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණවල හිඟය මත ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතල අර්බුදයකට ලක්විය හැකියි.ඒ නිසා රෝගය වැළඳීම වළක්වා ගැනීමට ජනතාව වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *