මෙරට දුප්පතුන් මිලියන් තුන ඉක්මවයි -මහනුවර වාර්තාකරු

මෙරට දැඩි ආර්ථික දරිද්රතාවයෙන් පසුවන්නන්ගේ සංඛ්යාව මිලියන 03 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ජාත්යන්තර යෝගි දිනය සමරමින් මහනුවර ප්රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිනි මවුවරුන් හට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් මේ මස 21 දින මහනුවර සහස් උයන පරිශ්රයේදී පැවති අතර එම අවස්ථාවට සහභාගි වූ මහාචාර්යවරයා ඉහත අදහස් පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය, ජාත්යන්තර දත්ත වාර්ථා වලට අනුව අප රටේ දුප්පතුන් සිටියේ මිලියන 01 ක් පමණයි. නමුත් එම වාර්තා දැන් පෙන්වා දෙන්නේ පසුගිය මාස 03 ඇතුළත එම දුප්පතුන්ගේ සංඛ්යාව මිලියන 03 ක් දක්වා සීග්ර ඉහළ යෑමක් සිදුව ඇති බවයි. ඒ අනුව මේ රටේ හතරෙන් එකක් පමණ දුප්පතුන් බවට පත්වෙලා තියෙනවා. අද ආර්ථික උද්ධමනය සියයට සියයත් ඉක්මවා ගිහිල්ලා. මේ වන විට ඉතාමත් දුෂ්කර වෙහෙසකර සාගත තත්වයක් කරා රට ගමන් කරමින් තිබෙනවා. මේ රටේ දුප්පත් ජනතාව පෝලිම්වල මැරී වැටෙනවා, මවුවරු තමන්ගේ දරුවන් ගඟට දානවා, පවුල් පිටින් සියදිවි නසාගන්නවා, මිනීමැරුම් වැඩි වෙලා තියෙනවා, මංකොල්ලකෑම්, අපරාධ ශීඝ්ර වැඩිවීමකට ලක්වෙලා තියෙනවා. පෙර කලදී ජාත්යන්තරය අපේ රට හැඳින්වූයේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලයි. නමුත් අද අපේ රටට ජාත්යන්තරයෙන් හැම දෙයක්ම හිඟාකන්න වෙලා තියෙනවා. පිටරටින් නැව් අනතුරු මුහුදට දත නියවමින් ඉන්න වෙලා තියෙනවා.

ඇයි අපේ රටට මෙහෙම වුණේ. නිසි ආර්ථික කළමනාකරණයෙන් තොරව රට පාලනය කරපු එක් පවුලක් වටා ගොනුවූ හිතුවක්කාර ,දූෂිතයන් කණ්ඩායමක් නිසයි මේ තත්ත්වය උද්ගත වුණේ. නමුත් කියන්න කනගාටුයි මේ රටට මේ ඉරණම අත් කළ ඒ ඇතැම් පාලකයන් තවමත් සුර සැප විඳිමින් වැජඹෙනවා. පාර්ලිමේන්තුවේ වරප්රසාද භුක්ති විඳිනවා. මේ අයට එරෙහිව කතා කරන අය පවා අද අත්අඩංගුවට ගෙන මර්දනකාරී පිළිවෙතක් ගෙන යනවා. වෙන එකක් තියා මේ රටේ ඉන්ධන පිරවුම්හල් ටික පවා දේශපාලනඥයන්ගේ මැරයන්ගේ පාලනයට නතු වෙලා තියෙනවා. අභියෝගය බාරගන්නවා කියලා අගමැති වුණු රනිල් වික්රමසිංහ හැමදාම නන් දොඩවමින් ජනතාව පීඩනයෙන් පීඩනයට පත් කරනවා. මේ රටේ අනාගතයක් ගැන, අපේ දරුවන්ගේ අනාගතයක් ගැන හිතන්නවත් බැරි තත්වයකට අද රට පත් වෙලා තියෙනවා යනුවෙන් හෙතෙම වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට යෝගා පුහුණු ආයතනයේ ප්රධානී ජෙයකුමාර් ගුරුජි ,ප්රවීණ ක්රිකට් ක්රීඩක මුත්තයියා මුරලිදරන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *