පොසොන් පෝය නිමිත්නෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් – මහනුවර වාර්තාකරු නිමල් කොළඹිස්ස

පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිත්තෙන් ශ්‍රී දනත් ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ සිටියෝය.
වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ වෙසක් හා පොසොන් පෝය දිනවල සැහැදැවතුන්ගේ ප්‍රවේශය සීමාකාරී විය.

නමුත් මෙම වර්ෂයේදී එවැනි සීමා කිරීමක් නොමැති නිසා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියෝය.සැහැහැවතුන් වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් දළදා මාලිගාවේ ක්‍රියාත්මක වූ අතර මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේ සැහැහැවතුන් සඳහා ශීල වැඩසටහනක් ද පැවැත්විණි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *