ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින දළදා මාලගාවේ නාමය භාවිත කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රටේ ක්‍රියාත්මක වන බවත් එයට දළදා මාලිගාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංඛේතය ලෙස සලකා රජවරු කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙස රාජධානි පිහිටුවීමේදී රජ මාලිගාව
අභියසින් දළදා වහන්සේ තැන්පත් කර පුදපූජා පැවැත්වීම අතීතියේ පටන් පැවත ආ චාරිත්‍රයක් බවත් දළදා වහන්සේ නොමැතිව දළදා මාලිගාවක් තිබිය නොහැකි බවත් ඒ මහතා කීය.

දළදා මාලිගාව හා සමාන නමක් භාවිත කරමින් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා බෞද්ධ බැතිමතුන් ගෙන් මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදහස් දක්වමින් දෑල බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේය.
ධාතූන් වහන්සේලා තැන්පත් කරන ස්ථානයකට දළදා මාලිගාව යන නාමය යෙදීම පිළිගත නොහැකි බවත් මෙම කරුණු සම්බන්ධව
බෞද්ධ ජනතාව අවධියෙන් සිටිය යුතු බවත් හෙතෙම පැවසුවේය. ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති ස්ථානය හඳුන්වන්නේ ධාතු මන්දිරය ලෙසින් මිස දළදා මාලගාව ලෙසින් නොවන බවද ඒ මහතා කීය.