රෝද තුනේ විප්ලවය – මහනුවර වාර්තාකරු

විදුලි බලයෙන් නැවැත ආරෝපණය කළ බැටරි හතරක් ආධාරයෙන් කිලෝ මීටර 70 ක දුරක් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් නිපදවීමට සංචාරක වීසා මත මෙරට රැඳී සිටින ජර්මන් ජාතික මෝටර් කාර්මික ඉංජිනේරුවරයෙකු සමත්ව ඇත.
භාවිතයෙන් ඉවත දමන ලද ත්‍රිරෝද රථයක් අඩු මුදලකට මිලදී ගෙන මාස පහක පමණ කාලයක් තුළ අලුත්වැඩියා කර මෙම ත්‍රිරෝද රථය නිපදවූ බව එහි නිර්මාතෘ එන් රිකෝ (N Rico)මහතා පවසයි.
දැනට මහනුවර කුණ්ඩසාලේ පොලිස් නිවාස සංකීර්ණයේ නිවසක කුලී පදනම මත ජිවත් වන රිකෝ මහතා අවුරුදු 18 දී කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධව ඇත්තේ ගොවි යන්ත්‍ර කාර්මික ශිල්පියෙකු ලෙසිනි.

රේසින් කාර් අංශයේ කාර්මිකයකු ලෙස පසුව සේවය කර තිබෙන ඒ මහතා තාක්ෂණික නිලධාරිවරයෙකු ලෙස ලොව ප්‍රචලිත ෆෝමියුලා (Formula) සහ GT cars සඳහා දායක්තවය ලබාදී තිබේ.

පසුගිය වසරේදී ජර්මනියේ පැරණි කාර් රථයක් විදුලි බලයෙන් ක්‍රියා කිරිම සඳහා සලස්වමින් එම ක්ෂේත්‍රයේ වැඩකටයුතු ආරම්භ කළ ඒ මහතා මේවන විට ශ්‍රී ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් පීඩා විඳින ත්‍රිරෝද රථ රියදුරන් දැක නව විදුලි ත්‍රීවිලරය නිපදවීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන රිකෝ මහතා මෙසේ පැවසුවේය.නිවසේ සමාන්‍ය විදුලි ධාරිතාව උපයෝගි කරගෙන මෙම බැටරි ආරෝපණය කළ හැකියි.එක් වරක් ආරොපණය කිරීමෙන් කිලෝ මීටර 70 ක් 80 ක් පමණ දුරක් ධාවනය කළ හැකි ලෙස මා මෙය නිෂ්පාදනය කළා.සාමාන්‍යයෙන් පැයට කිලෝ මීටර 60 ක පමණ වේගයකින් මෙය ධාවනය කිරීමට පුළුවන්.වායු දූෂණයෙන් තොර පරිසර හිතකාමී මෙම විද්‍යුත් ත්‍රිරෝද රථය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලකට වෙළෙඳ පොළට හඳුන්වා දිය හැකියි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *