වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීමට පොලිස් කණ්ඩායමක් – මහනුවර වාර්තාකරු

ජල විදුලිය නිෂ්පාදනය නොවන අවස්ථාවක බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වලින් ඊයේ (09) පෙරවරුවේ ජලය මුදා හැරි බවට එල්ල වූ චෝදනා පදනම් කරගනිමින් වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීමට පොලිස් කණ්ඩායමක් එහි ගොස් තිබේ.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටුවක් පැය දෙකක පමණ කාලයක් විවෘත කර ඊයේ පෙරවරුවේ ජලය මුදාහැර තිබේ.රන්ටැඹේ ජලාශයේද පතුලේ අවකාශය ඔස්සේ ගොවිතැන් කටයුතු සඳහා ජලය මුදාහැරීමක් සිදුකර ඇත. ජල විදුලි නිෂ්පාදනයට අමතරව ප්‍රධාන ජලාශ වලින් මිණිපේ ගොවි ව්‍යාපාරය සඳහා ජලය මුදාහැරීමේ කටයුතු ජල ලේකම් කාර්යාලයේ නිර්දේශ මත සිදුකරන බවත් ඒ අනුව රන්දෙණිගල ජලාශයෙන් යම් ජල ප්‍රමාණයක් නියමිත අනුමැතියට යටත්ව මුදාහැර තිබෙන බවත් මහවැලි අධිකාරිය පවසයි.

මෙයට අමතරව කැනියොන්,ලක්ෂපාන,නව ලක්ෂපාන,සමනල,ඉහළ කොත්මලේ විමලසුරේන්ද්‍ර යන බලාගාර ඊයේ දින අලුයම 3.00 සිට පෙරවරු 6.00 පමණ දක්වා ක්‍රියාවිරහිත වීම සම්බන්ධයෙන්ද මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ජල විදුලි බලාගාර අක්‍රීය වීම නිසා ඊයේ දින පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබිණි.

 


Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *