විදෙස් සංචාරකයන් පිළිගැනීමට අපි සුදානම් -නුවර හෝටල් කියයි – ,මහනුවර වාර්තාකරු

විදේශ සංචාරකියින් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සියලු හෝටල් සූදානම් බව ජත්‍යන්තරයට දැනුම් දීම සඳහා මහනුවර හෝටර් ක්ෂේත්‍රයේ දහසක පමණ පිරිසක් අද (08) මහනුවර වැව රවුමේදී විශේෂ දැනුවක් කිරීමේ වැඩසටහනක් දියත්කරනු ලැබීය.
දේශපාලන හා ආර්ථික අර්බුද කුමක් වුවත් සියලු හෝටල් විදේශීය සංචාරකයින් පිළිගැනීමට සූදානම් බව මහනුවර හෝටල් සංගමයේ සභාපති රොඩ්නි ආමස්ට්‍රෝන් මහතා පැවසීය.
සාමාකාමී මෙන්ම ආරක්ෂිත ශ්‍රී ලංකාවේ සුන්දරත්වය දකින්න එන්න යන ඉල්ලීම මූලික කර ගනිමින් හෝටල් කළමනාකරුවන් හා සේවකයින් බැනර් හා පෝස්ටර් රැගෙන මහනුවර වැව රවුම ඔස්සේ මීටර 500 ක පමණ දුරක් පාගමනින් පැමිණ අදාළ වැඩසටහන දියත් කළහ.
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව මිලියන 03 ක පමණ පිරිසක් ජීවිකාව ගෙනයන බවත් මේවන විට විදුලි,ඉන්ධන ඇතුළු ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් හෝටල් ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට පත්ව තිබෙන බවත් කී ආමස්ට්‍රෝන් මහතා සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උනන්දුව ඇති කිරීමට රජය කටයුතු කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකාව මොනතරම් අර්බුද තිබුණත් විදේශ සංචාකයින් රටේදී කිසිදු ගැටලුවකට මුහුණ නොදුන් බවත් යම් යම් රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ආනාරක්ෂිත බව දන්වමින් සංචාරක තහනම් පනවා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා ඉවත් කරදීමට රජය මැදිහත් විය යුතුව තිබෙන බවත් ආම්ස්ට්‍රෝන් මහතා කීය.
බඩු මිල සහ අනෙකුත් වියදම් ඉහළ ගොස් තිබුණත් සංචාරකයින් සඳහා විශේෂ සහන මිලකට පහසුකම් ලබාදීමට මහනුවර හෝටල් සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය.