පෞද්ගලික බස් ධාවනයට තවමත් බාධාවන්- හංසලි උමාදි

ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික පොදු ප්‍රවාහන සේවාවලට බාධා මතුව තිබේ.

මේ හේතුවෙන්, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ හා කුලි රථ ‍සේවාවන් ද නිසි පරිදි ක්‍රියාත්මක නොවෙයි.කෙසේ වෙතත්, ලංගම හා දුම්රිය සේවා සාමාන්‍ය කාලසටහන් අනුව ක්‍රියාත්මකයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඊයේ රාත්‍රිය වන තෙක් බෙහෝ පෞද්ගලික බස් රථ ඉන්ධන පෝලිම්වල ගාල් කර තිබූ බවයි.

මේ හේතුවෙන් අද දිනයේ බස් ධාවනයට එක්කෙරෙන්නේ ඉතාම සීමිත සංඛ්‍යාවක් බවත් ඔහු විසින් සඳහන් කර ඇති.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *