බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා යන්න සිටි පිරිසක් අත්අඩංගුවට _ හලාවත කෞශල්‍යා කොඩිතුවක්කු

ශ්‍රී ලංකාවේ ජිවත් වීමට නොහැකි බව පවසමින් බෝට්ටුවකින් ඔස්ට්‍රේලියාවට යාමට සුදානමින් සිටි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා මාරවිල පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අද ( 07 ) අලුයම මාරවිල දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .

මේ පිරිසට පුද්ගලයන් පහළොස් දෙනෙක් ඇතුලත් අතර ඒ අතර අවුරුදු නවයක පිරිමි දරුවෙකු ද වෙයි . මේ පිරිස යාපනය , මුලතිව්
ත්‍රිකුණාමලය හා කටුනේරිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර කටුනේරිය ප්‍රදේශයේ පදිංචි කරු මේ ගමන සැලසුම් කල පුද්ගලයා බව මේ වන විට හදුනා ගෙන ඇත .

මේ පුද්ගලයන් පැමිණි බව සැක කරන වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන හා පුදගලයන් වැඩිදුර පරීක්ෂණ සදහා
මාරවිල පොලිසියට භාර දී තිබේ .

පසුගිය කාලය තුල මාරවිල ප්‍රදේශයෙන් බහුදින ධිවර යාත්‍රා කීපයක් ඕස්ට්‍රේලියාව බලා ගොස් බැති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇති අතර ඒ අනුව සිදුකල විමර්ශන වලින් පසු ලැබුණු තොරතුරු මත මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත ,

සැකකරුවන් සහ වාහන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *