වත්මන් රජය කවුරුත් පිළිගන්නේ නැහැ තිස්ස කියයි – මහනුවර වාර්තාකරු

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යය ධූරයට පත්කර නව කැබිනට් මණ්ඩලයක් ස්ථාපිත කිරීම ඔස්සේ ගොඩනැගූ වත්මන් ආණ්ඩුව ජත්‍යන්තරය තබා මෙරට ජනතාව හෝ පිළිනොගන්නා බැවින් කුමන දුෂ්කරතා මධ්‍යයේ හෝ ජනමතය උරගා බැලීම පිණිස කඩිනමින් මැතිවරණයටකට යොමුවිය යුතුව ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
රටට මේ මොහොතේ දේශපාලන ස්ථාවරත්වක් සමඟ මහජනතාව පිළිගන්නා ආණ්ඩුවක් අවශ්‍යය බවද ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.
ශ්‍රී ලංකාවේ පවතින ගැටලු වලට විසඳුම් ලබාගැනීම සඳහා සහය වීමට ජත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටියත් ඔවුන් කියනවා මුලින් දේශපාලන ස්ථාවරත්වක් ඇතිකර ගන්න කියලා.අනෙක් කාරණය ජනතාවගේ ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න සම්බන්ධව යම් සැළසුමක් ඉදිරිපත් කිරිම ආණ්ඩුවෙ වගකීමයි.මේවන විට මතුව තිබෙන ප්‍රශ්න වලින් ගොඩඒම පිණිස ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ආණ්ඩුව මෙතෙක් සැළසුමක් ඉදිරිපත් කර නැහැ.අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු අඩුතරමේ පෝලිම් හෝ නැතිවේ යැයි ජනතාව සිතුවා.නමුත් සිද්ධ වුණේ ගෑස්,ඉන්ධන පෝලිම් ඒ විදිහටම ක්‍රියාත්මක වීමයි. අලුත් කැබිනට් මණ්ඩලය පත්වෙලා රටට අත්වූ එක ප්‍රතිලාභයක්වත් නැහැ.ඒකයි අපි කියන්නේ ජනමතය උරගා බැලීමකට යායුතුයි කියලා.මැතිවරණයකදී ජනතාව තීරණය කරයි මේ ප්‍රශ්න වලට විසඳුම් දීමට පුළුවන් කාටද කියලා.
පරණ වයින්ම අලුත් බෝතලයකට දැම්මා කියලා ජනතාව බලාපොරාත්තු වූ වෙනස සිදුවන්නේ නැහැ.ජනතාව ඉල්ලන්නේ මේ ක්‍රමයේ වෙනසක්.ජනතාව බලාපොරොත්තු වෙන වෙනස කරන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ.අද අප හමුවේ තිබෙන ප්‍රධාන ගැටලුව ඩොලර් නැති වීමයි.රටේ හැමදාම උද්ඝෝෂණ තියෙත්දී,ජනතාව කිලෝ මීටර ගණන් දිග පෝලිම් වල දුක් විඳිත්දී ඒවා දකින විදේශිකයෝ මේ රටට එයිද?.ආණ්ඩුව කරන අය කෙරෙහි විශ්වාසයක් නැති නිසා විදේශ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ රටට සල්ලි එවන්නේ නැහැ. සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි ආණ්ඩුවක් රටේ ඇතිකර ගත යුතුයි.එය කළ හැක්කේ ජන මතය උරගා බැලීම සඳහා පවත්වන මැතිවරණයකින් පමණයි.