ඉන්දියානු සහන අධාර බෙදාදීමේදී දේශපාලන බලපෑම් මතු වන්නේ නම් ඉන් ඉවත්වන බව ග්‍රාම නිලධාරී සංගමය කියයි. නිමල් කොළඹිස්ස – මහනුවර

ඉන්දියානු ආධාර බෙදාදීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුව ඔවුන්ගේ පාක්ෂිකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි උපදෙස් ලැබෙන්නේ නම් ආධාර බෙදාදීමෙන් ග්‍රාම නිලධාරීන් වහාම ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය කියයි.
කදුකරයේ ආධාර බෙදාදීමේදී එවැනි මැදිහත්වීම් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කීවේය.
ඉන්දියානු අධාර බෙදාදීම සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට මතුව ඇති ගැටලු පිළිබදව පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය සංවිධාන කළ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
පවතින දුෂ්කර ආර්ථීක තත්ත්වය යටතේ බොහෝ දෙනෙකු දැඩි පීඩාවට පත්ව ඇතැයි කී ඒ මහතා, ගම්මානවල අසීරුතාවට පත්ව ඇති පවුල් කවුරුන්ද යන්න වඩා හොදින් දන්නේ එම ගම්මානයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් යැයි ඒ මහතා කීවේය.
ආධාර ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියානු රජයට කෘතවේදීත්වය පළ කරන බව කී ඒ මහතා ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා ආධාර බෙදාදීම සම්බන්ධයෙන් බලපෑමක් කරන බව ද ප්‍රකාශ කළේය.
දේශපාලන සම්බන්ධකම් මත පවතින වැඩසටහන් වලට සම්බන්ධ නොවන බවට නිලධාරීන් ප්‍රකාශ කර ඇති අවස්ථාවක වෙනත් රටකින් ලැබුණු භාණ්ඩ මල්ලක් බෙදාදීමට දේශපාලඥයන් මැදිහත්වීම අවශ්‍ය නොවන බව ජාතික සංවිධායකවරයා කීවේය.
ඉන්දියානු ආධාර බෙදාදීමේදී ඒ සඳහා නිර්නායක ලබාදිම කළ යුතු යැයි කී නමුත් මේ දක්වා තමන්ට එම නිර්ණායක ලැබී නොමැති බව ඒ මහතා කීවේය. උසස් නිලධාරීන් සිය කාර්යාලවලට වී උපදෙස් ලබා දී ඇති නමුත් ආදාල නිර්ණායක නිකුත් කර නොමැති බව ඒ මහතා කීවේය. මේ නිසා එම ආධාර විහාරස්ථාන ඇතුලු විවිධ ස්ථානවල ගබඩා කොට ඇතැයි ඒ මහතා කීහ.
නමුත් එම ආධාර බෙදාදීමේදි ග්‍රාම නිලධාරීන් නාඨාමි වැඩ කරන්නන් බවට පත් නොවිය යුතු බවත් ආධාර බෙදා දීම සඳහා බහු කාර්යය කාර්යය මණ්ඩල හා නිලධාරීන්ගේ වාහන යොදා ගත හැකි යැයි ද ඔහු කීවේය. ආධාර බෙදාදීම සඳහා සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛණ ලබාදී ඇති බවත් එම ආධාර විනිවිදභාවයෙන් යුතුව බෙදා හැරීමට අවස්ථාව නොලැබෙන්නේ නම් හෙට සිට ආධාර බෙදාදීමේ වැඩසටහනින් ග්‍රාම නිලධාරීන් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා අදහස් දක්වමින්, මෙවැනි ආධාර බෙදාදීමේ දී අමාතංශ ලේකම්වරු ඇතුලු ඉහළ නිලධාරීන් නියෝග උපදෙස් සකස් කළත් එහිදී විවිධ ආයතන විවිධ ආකාරයෙන් කටයුතු කරන නිසා ග්‍රාමයේ සේවය කරන ක්ෂේත්‍ර නිලධාරීන් අසීරුතාවට පත් වෙනවා. ඔවුන් උපදෙස් නිකුත් කළත් ග්‍රාමය තුළ ආධාර බෙදා දෙන්නේ කෙසේදැයි සඳහන් කරලා නැහැ.
ක්ෂේත්‍ර නිලධාරීන්ට ලැබෙන වැටුපින් ජීවත් වීමට නොහැකි අවස්ථාවක අදාල ආධාර ඔවුන්ගේ මැදිහත්වීම මත ප්‍රවාහනය කර ගැනීමට සිදුව තිබෙනවා. ආධාර ප්‍රවාහනය, ඇසුරුම් කීරිම හා බෙදා හැරීම ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට සිදුවෙලා තිබෙනවා. ඔවුන් ඉන්නේ ග්‍රාමයේ සේවය කිරීමට මිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු කිරීමට නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.ඒ.පී.බස්නායක මහතා, සමස්ථ ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනෙවිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.