පොහොට්ටුවෙන් පොහොට්ටුවටම කැරැල්ලක් _ නාත්තන්ඩිය වාර්තාකරු

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් පිරිසක් අද 15 දහවල් මාරවිල නගරයේදී විරෝධතාවයක නිරත විණි . මේ සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ .

මේ විරෝධතාවයට ප්‍රධාන වී තිබුනේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සම්බන්ධ පිරිසක් කප්පම් ඉල්ලීම ,තර්ජනය කිරීම ඇතුළු කරුණු කීපයකි . පසුගිය 09 වැනි දින නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සිදුකල ප්‍රකාශයකින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඥාතියෙකු විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ) මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන සිදුකර ඇති බවද මෙහිදී ප්‍රකාශ විණි . මේ විරෝධතාවය සදහා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනෙකු එක්ව සිටින බව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රසන්න මාරසිංහ මහතා පැවසිය . තමනට මරණ තර්ජනය කිරීම පිලිබදව මාරවිල පොලිසියට පැමිණිලි කල බව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අනුර කුමාර මහතා පැවසිය .

මෙහිදී අදහස් දැක්වූ නාත්තන්ඩිය ප්‍රාදේශීය සභවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා කියා සිටියේ තමන් ආණ්ඩු පක්ෂයේ වුවත් දැන් ජිවත් වීමට සිදුව ඇත්තේ විපක්ෂයේ මෙන් බවයි . අද වන විට නාත්තන්ඩිය ප්‍රදේශය පුරා කප්පම් රැල්ලක් නිර්මාණය වී පාදඩ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බවද පැවසිය . නන්නදන මුණසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ දේශපාලන සංස්කෘතිය මහා හිසරදයක් බවයි .

 

” අද නාත්තන්ඩියේ නිදහසේ පාරක බැහැලා යන්න බැහැ . අපි ආණ්ඩුව පත් කර ගත්තේ මේකටද . ආණ්ඩුවේ ලොකු ලොකු උදවිය මේවා ගැන හොයල බලන්න ඕනෑ . ඒ අය ශිත කාමර වලට වෙලා ඉන්නවා .මෙහෙ මහා පරිමාණ සොරකම් , වංචා ,කප්පම් ගැනිලි , පොල් අක්කර ගානක් බලහත්කාරයෙන් තියාගෙන ඉන්නවා “

මේ විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවැත්විණි .

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රතිචාරය

මේ පිලිබදව කල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේ තමන් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි . ” මම කිසි වැරැද්දක් කරන්නේ නැහැ .වැරදි කරන පුද්ගලයනට වැරදි වැඩ කරන්න බැරි වුනාම මෙහෙම දේවල් වෙනවා . ඔය කියන මස්සිනා කෙනෙක් මට නැහැ . නාත්තන්ඩියේ රාජ්‍ය ආයතන දන්නවා මම කරන වැඩ මොනවාද කියලා .අපේ පක්ෂයේ නායකයෝ දන්නවා . ඒ වගේම කියන්න ඕනෑ මගෙන් මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා නම ඒ පුද්ගලයනට පුළුවන් නිතිය ඉදිරියට යන්න . ඔය තැන තැන විරෝධතා දක්වන්නේ නැතුව . මේ පිරිස මගේ මැතිවරණයෙදිත් ඔය වගේ වැඩ කළා .

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *