මාදම්පේ අනතුරකින් මව පුතු ජිවිතක්ෂයට- හලාවත ජයනි දිලුමිණි

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් යතුරු පැදියේ ගමන් කල දෙදෙනෙකු එම ස්ථානයේම මිය ගොස් ඇත . මෙලෙස මියගොස් ඇත්තේ තිලක් කුමාර රාජපක්ෂ (23 ) හා දෝන චන්ද්‍රිකා ප්‍රියන්ති පෙරේරා (54 ) නමැති මවක් හා පුත්‍රයෙකි . අද 15 අලුයම වන්නට මේ අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි . ඊට හේතුව මේ අනතුර සිදුවන අයුරු දුටු කිසිවෙකු නොසිටිමයි .
මේ යතුරු පැදිය අනුරාධපුරයේ සිට කටාන බලා ගමන් කර ඇති බවට පොලිසියට වාර්තා වී ඇති අතර මේ දෙදෙනා කාටනේ සිට අනුරාධපුරය දක්වා ගොස් ඇත්තේ රෝගියෙකු බැලීමට වන අතර ඔවුන් අනුරාධපුරයේ සිට කටාන බලා පිටත්ව ඇත්තේ 14 වැනි දින රාත්‍රී 10 ට පමණ බව පොලිසිය විසින් අනාවරණය කර ගෙන ඇත .මේ අනුතුරින් යතුරු පැදියට බරපතල හානි සිදුව තිබේ . මළසිරුරු වැඩිදුර පරීක්ෂණ සදහා හලාවත මහා රෝහලේ තැන්පත් කර ඇත .
මාදම්පේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්මේ අනතුර පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .