ඉල්ලීම් 16 ක් මුල් කරගෙන තැපැල් සේවකයෝ වර්ජනයේ- හැටන් – චන්න අද්දරගේ

 

 

ඉල්ලීම් 16 ක් මුල්කර ගනිමින් ඊයේ (13) ප.ව 4.00 සිට අද මධ්‍යම රාත්‍රි 12 දක්වා තැපැල් කාර්යාල වසා වැඩ වර්ජනයක නිරත වීමට තැපැල් සේවකයෝ පියවර ගෙන තිබේ.

සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය විසින් එම වෘත්තිය ක්‍රියාමර්ගය ක්‍රියාත්මක කරමින්ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔවුන් නව සේවා ව්‍යවස්ථාව ස්ථාපනය කිරිම, අසුරා ඇති සෙනසුරාදා දිමනා 20% ගෙවීම,අතිකාල සහ CD අතිකාල කප්පාදුව ,සියළුම ශ්‍රේණිවල පුරප්පාඩු පිරවීම ,ඌණ සුදුසුකම් යටතේ බදවා ගත් බාහිර කම්කරුවන් ලියාපදිංචිය ආදේශ කිරිම,කාර්යක්ෂම තැපැල් සේවාවක් සදහා 2022 වැය යෝජනා අනුව සහන මිලට යතුරු පැදි ලබා දිම,විදුලි යතුරුපැදි ලබා දීම අත් හිටුවීම,රාජකාරි හැදුනුම්පත් ලබා දීම කඩිනම් කිරිම,විනය පරික්ෂණ ක

 

ඩිනම් කිරිම,නව බදවා ගැනිම් අනුව අන්තර්ග්‍රහන ක්‍රියාවලියට මුවාවී සේවක පිඩනය කිරිම අත් හිටුවීම ,අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලද අවු 40-45 ලියා පදිංචි ආදේශක පත්වීම් ලබා දීම කඩිනම් කිරිම. හා පුහුණු නිලධාරින් යොදවා තලාප ප්‍රතිශෝදනය කිරිම ,කලාප ප්‍රතිශෝදනයෙන් අනුමත කර ඇති තැපැල්කරු තනතුරඉ ලබා දීම කඩිනම් කිරිම,අංග සම්පුර්ණ අනුමත නිල ඇඳුම් නොපමාව නියමිත වර්ෂය තුල ලබා දීම ,තැපැල්කරුවන් සදහා වැහි කබා හා සවල් මළු නොපමාව ලබා දීම ,පාපැදි නඩත්තු දීමනා නොපමාව ගෙවීම ඇතුළු රැසක් කරුණු මුල්කරගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඉහත ඉල්ලීම්සදහා කඩිනම් විසදුම් ලබා නොදුන්නේ නම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද අවධාරණය කර තිබේ

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *