ජපාන තානාපති හා ආරක්ෂක ලේකම් හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂී හිදෙකි මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
ජපාන තනාපති හිදෙකි මහතා සමඟ පැවති අන්‍යෝන්‍ය සංවාදයට මානව සම්පත හුවමාරු කර ගැනීමේ අවස්ථා සහ දිවයිනේ සංචාරක අංශයේ සංවර්ධනය ද ඇතුළත් විය. ශ්‍රී ලංකා සංචාරයේදී ජපන් සමුද්‍රීය ආත්මාරක්ෂක බලකා නෞකා සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ජපාන නියෝජිතයා ආරක්ෂක ලේකම් වෙත සිය ප්‍රසාදය පලකරන ලදී.
මෙම සැසියේදී දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා තම උපරිම සහයෝගය ලබාදෙන බවට ද ජෙනරල් කමල් ගුණරත්න සහතික විය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
මෙම හමුව සඳහා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ආරක්ෂක උපදේශක කපිතාන් ගකු ෆුකෞරා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් එක්ව සිටියහ.