කළුතර පුද්ගලයෙකුට ගුවන් තෑග්ගක් – කළුතර වාර්තාකරු

ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්‍රවෘත්තියක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙයි .
කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු විසින් මේ පිලිබදව කළුතර පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සෞදි අරාබියේ සේවය කර ගුවන් යානයෙන් එමින් සිටියදී අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කාන්තාවක් ගුවන් යානයේදී හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බව පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය කීය.
එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් නැවත නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.
කළුතර මුලස්ථාන පොලිසියේ නිල නිලධාරීන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .