රියදුරන් අටකට වැඩ වරදී – මහනුවර වාර්තාකරු

මාර්ගය අවහිර වන සේ ඉන්ධන පෝලිමක වාහන නතර කර බැහැර ගිය රියදුරන් 08 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය පියවර ගෙන තිබේ.
ඩීසල් ලබා ගැනීම සඳහා කටුගස්තොට නගරයේ ඉන්ධන පිරවුම් හළක පැවැති පෝලිමක මෙම රියදුරන් වාහන නතර කර බැහැර ගොස් තිබෙන අතර මාර්ගය අවහිර වනසේ වාහන නතර කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට එරෙහිව පොලීසිය නෛතික ක්‍රියමාර්ග ගෙන ඇත.
පාසල් ආරම්භ වී තිබෙන බැවින් පෙරවරු කාලයේ කටුගස්තොට පාළම ආසන්නයේ අධික වාහන තදබදයක් පවතින බැවින් හදිසි අවස්ථාවක වාහන හසුරුවා ගැනීම සඳහා තෙල් පෝලිම් වල සිටින රියදුරන්ට වාහන වලින් බැහැර නොයන ලෙස දැනුම් දී තිබෙන බවත් එසේ තිබියදී අදාළ වාහන වල රියදුරන් වාහන ගාල්කර බැහැර ගොස් තිබූ බවත් පොලීසිය පවසයි.
කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *