වසර 15 ක් හොටෙන් විදුලිය අරන් _ මහනුවර වාර්තාකරු

වසර 15 පමණ කාලයක් තිස්සේ වංචා සහගත ලෙස නිවසට විදුලිය ලබාගත් බව කියන තළාතුඔය ඇතුල්ගම වැහිගල්දෙණිය ප්‍රදේශයේ කාන්තාවක් විදුලි බල මණ්ඩලයේ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලීසියේදී සහය ඇතිව අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විදුලි බල මණ්ඩලයේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව පසුගිය 13 දින අදාළ නිවස පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ විදුලි මීටරය ක්‍රියාත්මක වීම වලක්වමින් වංචා සහගත ලෙස මෙම කාන්තාව විදුලිය ලබාගෙන තිබෙන බව තහවුරුව ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව ලොතරැයි අළෙවි කරන තැනැත්තියක වන අතර ඇගේ නිවසේ බිල්පත් පරීක්ෂා කිරීමේදී මාසිකව වැය වී ඇත්තේ ඉතා අඩු ඒකක ගණනක් බව හෙළිවී තිබේ.
වසර 15 ක පමණ කාලයක් තිස්සේ මෙම කාන්තාව වංචා සහගත ලෙස විදුලිය ලබාගෙන තිබෙන බවට සැක කෙරෙයි.සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.