පාතාල නායකයෙකු වලපනේ දී අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු මත සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වලපනේ සීතාඑළිය ප්‍රදේශයේ වතු නිවාසයක වෙස් වලාගෙන සැඟව සිටියදී හයිෆොරස්ට් පොලීසිය විසින්  (13) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම දිනවල කොළඹ ආශ්‍රිතව සිදුවන පාතාල සාමාජික ඝාතන හේතුවෙන් පසුගිය 10 වැනි දින සීතාඑළිය ට පළාවිත් සැඟවී සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
මොහු මිනිස් ඝාතන,කපාකොටා තුවාල සිදු කිරීම්,මංකොල්ල කෑම් ඇතුළු සිදුවීම් ගණනාවකට සම්බන්ධ බව පොලිසීය පවසයි.
සැකකරු වලපනේ වැඩබලන මහේස්ත්‍රාත් කිර්ති රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  (15) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඒ ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත් වෙයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *