ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි. නිමල් කොළඹිස්ස – මහනුවර

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හා බැදුණු චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වූ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහැර (11) රාත්‍රී වීදි සංචාරය කළේය.

ඒ අනුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ද වන්නේ එයයි.

පස්වරු 06 පසුවී මිනිත්තු 35ට යෙදුණු සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව ඇසළ පෙරහැර පිටත්විය.

සාධාතුක පෙරහැර කරඩුව ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතු විසින් වැඩම කළ අතර දෑලේ ගමන් ගත්තේ මියන්රාජා හා බුරුමරාජා ඇතුන්ය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇසළ පෙරහැරේ ගමන් ගත්තේය.  නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම දේවාල නියෝජන කරමින් එම දේවාලවල බස්නායක නිලමේවරුන් පෙරහැර ගමනට එක්විය.

මහනුවර රැජිණ හෝටලයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරහැර නැරඹීමට එක්විය.

වර්ෂ තුනකට පසු මහජනයා සඳහා මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය විවෘත වූ අතර එය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් මහනුවර නගරයට පැමිණ සිටියෝය. පෙරහැර ගමන් ගත් දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය හා රජවීදිය මහජනයාගෙන් පිරී ගොස් පැවතිණි.

අද දහවල් පෙරහැරින් මෙම වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *