මහනුවර දිය කැපීම – නිමල් කොළඹිස්ස මහනුවර

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ සුවිශේෂී අංගයක් වන දිය කැපීම හා දිය කැපුම් පෙරහර අද අලුයම ගැටඹේ දිය කපනා ගං තොටේදී සිදු විය.

විචිත්‍රවත් අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කොට සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීමෙන් පසු සිව් මහා දේවාල මගින් දිය කැපීම සිදුවේ.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලවලදී දේව පූජා පවත්වා මහ පෙරහැරින් දිය කපනා ගං තොටට පැමිණ අද අලුයම 5.50න් පසුව එළැඹි සුබ මොහොතේ දිය කැපීම සිදු කෙරිණි.

ඇසළ පෙරහැර ආරම්භයේදී සිටුවන ලද කප මහවැලි ගංගාවේ දිය කපනා ගං තොටේදී පා කරනු හැරීමත් ජලය දෙබෑවන පරිදි කඩුවකින්  කොටා එය යළි එක්වීමට ප්‍රථමයෙන් ලබා ගන්නා දිය කෙණ්ඩියකට ලබා ගැනීම මෙම අවස්ථාවේදී සිදුවිය.

එම ජලය කටුකැලේ ගණ දෙවි කෝවිලේ තැම්පත් කර පසුව දහවල් පෙරහැර අවස්ථාවේ එය රැගෙන දහවල් මහ පෙරහැර අවස්ථාවේ දේවාලයන්හි තැම්පත් කොට එළැඹෙන වර්ෂයේ පෙරහැර මංගල්‍ය දක්වා තැම්පත් කර ගනති.

දහස් සංඛාත සැහැදැවතුන් පිරිසක් දිය කැපීම නැරඹීම සඳහා සහභාගීව සිටියෝය.

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *