සර්ව පාක්ෂික ආණ්ඩුවක් අනිවාර්යෙන් පිහිටුවනවා .අමාත්‍ය විජයදාස මහනුවරදී කියයි – මහනුවර වාර්තාකරු

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට හා මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙන බවත් යම් පක්ෂයක් ඊට විරෝධය දැක්වුව හොත් සර්වාපාක්ෂික ආණ්ඩුවක් සඳහා කැමැති පක්ෂ සමඟ හෝ ආණ්ඩුවක් පිහිටුවන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මෙම වැඩපිළිවෙළ සඳහා වැඩි පක්ෂ ගණනක සහය ලබා ගැනීමට උනන්දු වන බවද ඒ මහතා කීය.
මහනුවරදී  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අධිකරණ ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසුවේය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 10 වැනිදා අපි පාරිල්මේන්තුවට අපි ඉදිරිපත් කළා.එතැන් පටන් දින හතක කාලයක් ජනතාවට තිබෙනවා එහි තිබෙන ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව අභියෝග කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන්න. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළොත් එම දින හත ගතවීමෙන් අනතුරුව ශ්‍රේෂාඨාධිකරණයට සති තුනක කාලයක් තිබෙනවා ඒ පිළබඳ නිගමනය පාර්ලිමේන්තුවට එවන්න. ඒ නිගමනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල යම් කාරණයක් තිබෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීමට අවස්ථාව තිබෙනවා. අනනුකූල කාරණයක් නොමැති නම් තිබෙන ආකාරයට සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඕනෑම අවස්ථාවක පුළුවන්.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අතර කිසිදු සම්බන්ධතාවක් නැහැ.සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම අවස්ථාවක ඉඩකඩ තිබෙනවා.
මේක කාලයක් තිස්සේ උඩුදුවගෙන ඇවිත් ආර්ථිකය බිංදුවට වැටිලා භාණ්ඩාගාරයේ ණය කන්දක් විතරක් තිබෙන වෙලාවක ආණ්ඩුව බාරගන්න අගමැති කෙනක් ඇමැතිවරු ඉදිරිපත් නොවන අවස්ථාවක තමයි අපි මේ වගකීම බාර ගත්තේ.ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලත් අපගේ ඉන්ධන සම්බන්ධ රාජ්‍ය ආයතන වල පවතින දූෂණයත් අකාර්යක්ෂමතාව නිසාත් විශේෂයෙන්ම සෑම දේකම මිල ඉහළ ගිහින්.විදුලිය හා ජල සැපයුම සඳහා විශාල වශයෙන් විදුලිය පාවිච්චි කරන්න වෙනවා.ඒ ආයතන පවත්වාගෙන යන්න නම් වැඩි කිරීමට සිදු වුණා.ලොකු උත්සහයක් ගන්නවා තෙල් මිල අඩු කිරීමත් සමඟ අනිත් පැත්තෙන් ජනතාවට සහන ගේන්න.

ජනතාවට සහන දීමේ අරමුණින් තමයි අපි අයවැයක් ගෙන එන්නේ. රාජ්‍ය ආයතන වලට වෙන්කළ ප්‍රාග්ධන මුදල් ඒවායින් අයින් කරලා ජනතාවගේ අත්‍යවශ්‍යය දේවල් සැපයීම සඳහා යොදා ගන්න තමයි අය වැයෙන් මූලිකත්වය දෙන්නේ.කෙටි කාලයකට රටේ සංවර්ධනය අඩාල කරන්න වෙනවා. ජනතාව ලොකු පීඩනයක් තියලා රටේ සංවර්ධනය කිරීම ප්‍රායෝගික නැහැ. රටකට ආණ්ඩුවක් මූලික වශයෙන් අවශ්‍යය වෙන්නේ ජනතාව ජීවත් කරවන්නයි. පසුගිය කාලයේ වුණේ සියලු දේ අමතක කරලා සංවර්ධනය කියලා රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැති නාස්තිකාර ව්‍යාපෘති හදලා ක්‍රියාත්මක කිරීමයි. ඒවායේ ණය ගෙවීමට සිද්ධ වුණු නිසා තමයි ආර්ථිකය කඩාගෙන වැටුණේ.

විශේෂයෙන්ම ලෝකයේ බලවතුන් කණ්ඩායම් දෙකකට බෙදිලා අවි තරඟයක යෙදී ඉන්න අවස්ථාවක එක කණ්ඩායමට සහසුකම් සපයුවොත් ඒ අයට අනෙක් කණ්ඩායමෙන් බැට කන්න සිදු වෙනවා. අපි කුඩා ආර්ථිකයක් තිිබෙන කුඩා දූපත් රාජ්‍යයක්. 2018 හම්බන්තොට වරාය චීන සමාගමකට පවරන වෙලාවේ මේ තත්ත්වය උදාවන බව එවකට තිබුණු ආණ්ඩුවට අනතුරු අඟවලා විරුද්ධ වුණු නිසා ඇමැති මණ්ඩලයෙන් මාව ඉවත් කළා. මා එදා කළ අනතුරු ඇඟවීම අද ප්‍රායෝගිකව අත්විදින්න සිදුව තිබනෙවා..සිරිමාවෝ මැතිණිය අනුගමනය කළ නොබැදි විදේශ රාජ්‍ය ප්‍රතිපත්තියට නැවත ක්‍රමානුකූලව අනුගත වෙන්න උත්සහ කළ යුතුයි.මේ නැව ආවොත් හම්බන්තොට වරායට ඉන්දියාව ඇමරිකාව වගේ බලගතු රජ්‍යයන් අපි සමඟ විරසක වෙනවා.මේකට ඉඩ නොදුන්නොත් ජත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපි බලාපොරොත්තු වන සහන ලබා ගැනීමේදී චීනයට විශාල බලයක් තිබෙනවා ඒවා වලක්වන්න. අපිට ප්‍රශ්න ඇති වූ අවස්ථාවල බීටෝ බලය තිබෙන චීනය හා රුසියාව අපි සමඟ නිරන්තරයෙන් හිටියා. දැන් අපි උභතකෝටික ප්‍රශ්නයක සිරවෙලා ඉන්නේ. රටවල් දෙක එක්ක මිත්‍රශීලි බව රැක ගනිමින් ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ඕන.ණය ගෙවන්න තිබෙන රටවල් සමග ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධව සාකච්චා කරමින් පවතින අවස්ථාවක් මේක.එහිදීත් වැදගත් සාධකය බවට පත්ව තිබෙන්නේ චීනය බව අප අමතක කරන්න හොඳ නැහැ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *