නුවර එනවා නම් මුව ආවරණයක් පැළඳ – මහනුවර වාර්තාකරු

කොවිඩ් වසංගත තත්ත්වය නව මුහුණුවරකින් අත්දකින්නට සිදුව තිබෙන නිසා නිසි ලෙස මුව ආවරණයක් පැළඳ මහනුවර ඇසළ මංගල්‍යය නැරඹීමට පැමිණෙන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බව මහනුවර නාගරික ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පවසයි.
එය තමන්ගේ මෙන්ම අන් අයගේද සෞඛ්‍යාරක්ෂාව සඳහා හේතුවනු ඇතැයි ඒ මහතා කීය.
මහනුවර නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේදී \ (02) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේවන විට මහනුවර නාගරික සීමාවෙන්ද කොවිඩ් රෝගීන් හඳුනා ගනිමින් තිබෙන බවත් ගතවූ මාස කිහිපය තුළ මරණ කිසිවක් වාර්තා නොවුණු බවත් ඒ මහතා කීය.
කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල ලබාගෙන නොමැති අයට මහනුවර ජාතික රෝහලෙන් හා පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් එන්නත් ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගීන්ද නගර සීමාවෙන් වාර්තා වෙමින් තිබෙන නිසා පෙරහර නැරඹීමට පැමිණෙන විට පැඟිරි තෙල් වැනි මදුරු විකර්ෂකයක් ආලේප කර පැමිණෙන්නේ නම් ඩෙංගු පමණක් නොව අනෙකුත් මදුරු දෂ්ටනයන් ගෙන්ද ආරක්ෂා වීමට හැකි යැයි ඒ මහතා පැවසුවේය.
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම අන් අයට නොපරවා තමන්ම එය සිදුකර ගන්නේ නම් මදුරු ව්‍යාප්තිය පහසුවෙන් පාලනය කරගත හැකි යැයිද ජයසිංහ මහතා කීය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *