හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යලි විවෘත කරයි .-චන්දන ජයවීර – හැටන්

පස් කදු කඩා වැටිම නිසා වසා දමා තිබුන හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනයට යලි විවෘත කල බව පොලිසිය නිවේදනය කරයි.
ඊයේ (01) දිනය පුරා ඇද හැලුන අදික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය දියගල සිට ගිනිගත්හේන දක්වා ප්‍රදේශයේ ස්ථාන කීපයකදී පස් කදු කඩා වැටීම නිසා එම මාර්ගය රිය ධාවනය මුලුමනින්ම නැවතී තිබිණී.
ඊයේ දිනයේ මේ මාර්ග වල ගමනා ගමන් කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ලව තිබු අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට ජනතාවට සිදු විණි.