හැටන් සිව්මහල් ගොඩනැගිල්ලක් ගිලා බසි .ගාමිණිපුර පිවිසුම් මාර්ගය වසා දමයී . — හැටන් චන්දන ජයවීර

හැටන් – දික්ඔය මාර්ගය ට යාබදව පිහිටි සිව්මහල් ගොඩනැගිල්ල ක් ගිලා බැසිමේ අවධානමක් මතු වීම හා එම ගොඩනැගිල්ල අවට ප්‍රදේශයේ පොලව හා ගොඩනැගිලි බිත්ති පුපුරායාම හා ඉරිතැලීම හේතුවෙන් එහි රැදිසිටි පුද්ගලයන්ට ඉවත් වන ලෙසට පොලිසිය විසින් ඊයේ සවස (01) දැනුවත් කරන ලදී .
ඒත් සමගම එම ගොඩනැගිල්ල ට පිටු පසින් වු ගාමිණිපුර ගම්මානය දක්වා වු පිවිසුම් මාර්ගය වසා දැමිමටත් එම ප්‍රදේශයේ ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද දැනුවත් කර ඇත
එම ගොඩනැගිලි කිපය තුල රියදුරු පාසලක්.වෙලදසැල් හා වාහන අලුත් වැඩියා කරන කාර්මික සේවා ආයතන කිපයක් පවත්වාගෙන යනු ලැබේ .
ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ පිහිටි ප්‍රදේශ වලට අදික වැසි ඇද හැලීමත් සමග විවිධ ආපදා තත්ත්වයන් වාර්තා විණි.