ශ්‍රී ලංකා නීතිඥ සංගමය අරගලකරුවන්ට රජ ගෙදරින්  ‘ඉවත් වන්න’ කිව්වේ ඇයි? – බර්නාඩ් එදිරිසිංහ ලියයි

ජන අරගලය:

ජන අරගලයට දින 97 පිරිනු ඊයේ දින, විවිධ පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන අරගලකරුවන් විසින් අගමැති කාර්යාලය ඉතා සුළු ආයාසයකින් පසු සිය ග්‍රහණයට ගනු ලැබින. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය ලෙස පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම බව මෙම විවිධ කණ්ඩායම් සිය  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කොට තිබින.

මෙම සිදුවිම් මාලාවත්  සමගම ශ්‍රී ලංකා නීතිඥ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත්  කරමින් අරගලකරුවන්ට පොදු දේපල අත්පත් කර ගැනිමෙන් වළකින ලෙසත්, දැනට ඔවුන් ගේ පාලනය යටතේ තබා ගෙන ඇති පොදු දේපොළ වහාම බලධාරින්ට ආපසු බාර දෙන ඉල්ලා තිබින.ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් අරගලකරුවන්ට ලබා දුන් අවසාන පණිවුඩය කුමක් ද?

ලක්ෂ 69ක  ජනවරමක් සහිතව බලයට පත් වු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතා අපේක්ෂාවන් ඉටු කර දිමට අපොහොසත් රාජ්‍ය නායකයෙක් වශයෙන් ඉතා කෙටි කාලයකින් ජනතාව අතර අප්‍රසාදයට ලක්  විය. අසමත් රාජ්‍ය පාලනයේ බර පොදු මහජනතාව මත විශාල පිඩනයක් ඇති කළ අතර එහි එක් ප්‍රතිඵළයක් වශයෙන් #ගෝඨාGoHome සටන් පාඨය සමාජගත විය. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ටත්, රටේ ප්‍රශ්නවලට විසඳුමක් සෙවිමට අසමත් පාර්ලිමේන්තුවත් යන අයාතන දෙකම ප්‍රතික්ෂේප කළ ජනතාව විදි බැසිම වත්මන් දේශපාලන අර්බුදයේ උල්පත ලෙස සැලකිය හැකියි. අප දැන් මුහුණ දි සිටින්නේ වත්මන් දේශපාලන අර්බුදය විසඳුමක් කරා ගමන් කරනු වෙනුවට තවත් අර්බුද නිර්මාණය කරන අදියරකට ගමන් කරමින් තිබෙන අවස්ථාවකට බව ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරයා පෙර දින රටින් පලා ගියේ,  කථානායවරයාට  ලබා දීමට පොරොන්දු වුයේ යැයි කථානායකවරයා විසින් කිහිප අවස්ථාවකදි සඳහන් කළ ඉල්ලා අස්විමේ ලිපිය ලබා නොදීය. ඊට සමගාමිව අගමැතිවරයා ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් තමාම තමා හඳුන්වා ගත් බව පෙනින. මේ අතර කථානායකවරයා මතභෙදයට තුඩු දි ඇති ‘ඉල්ලා අස්වීමේ ලිපිය’ වෙනුවට අගමැති වැඩ බලන ජනපති වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කොට තිබෙන බව නිවේදනය කරමින් ජනතා අපේක්ෂාවන් තවත් ව්‍යාකූලත්වයට පත් කළේය.

නව ලිබරල් දක්ෂිණංශික මධ්‍යස්ථවාදියෙක් ලෙස ප්‍රකට රනිල් වික්‍රමසිංහ,ශ්‍රී ලංකීක අර්බුදය විසඳුමක් කරා ගෙන යාමට දැනට පාර්ලිමේන්තුවේ පමණක් නොව රට තුලත් සිටින එකම සුදුස්සා ලෙස පිළි ගන්නා පිරිසක ගේ ආශිර්වාදය ඔහුට ලැබෙමින් පවති. නමුත් 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයත් සමගම අන්ත පරාජයකට පත් වු රනිල් වික්‍රමසිංහ හට අගමැති ධුරය සඳහාවත් ජනවරමක් නොමැති අතර ජනාධිපති වීම කිසිසේත් පිළිගත නොහැකි බව බහුතරයකගේ මතය වි තිබේ. රනිල් වික්‍රමසිංහට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ දේශපාලන වලංගුභාවයක් නොමැති පසුබිමක ඔහු ජනාධිපති පදවියට පත් විම වත්මන් අර්බුදය තවත් ව්‍යාකූල කිරීමට හේතුවක් ලෙස සැලකේ.ranil weekramasinhga

මේවන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් විසින් ජනතාව වෙත ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට තිබේ.  ඔවුන්ට එකඟත්වයක් ඇති කර ගැනීමට තවත් කාලය අවශ්‍ය බව ඔවුන් ගේ අවසාන සාකච්ඡා වටයත්  තීන්දුවකින් තොරව අවසන් විමෙන් පෙනි ගියේ අර්බුදයට පාලක ප්‍රභූ පන්තියේ විසඳුමත් ඇණ හිට ඇති බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර සිටියේ  ප්‍රචණ්ඩත්වය සහ පෞද්ගලික හා පොදු දේපලවලට හානි කිරිම මගින් ජනතාව වෙත ඉදිරිපත් කර ඇති ‘බල හුවමාරුව’ යෝජනාව ආපස්සට තල්ලු විය හැකි බවයි. ජන අරගලය ප්‍රචණ්ඩත්වය ඔස්සේ අරාජිකත්වයක් කරා ගමන් කරනු ඇති බවට මහජනතාව තුළ ඇති වි තිබෙන සංකාව හේතුවක් කොට ගනිමින්  පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නායකයින් පොරොන්දු වි ඇති ‘බල හුවමාරුව’ හකුලා ගැනීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දි තිබින.

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *