රට තුළ වහා සාමය ස්ථාපිත කිරීමට කටයුුතු කරන්න .ආගමික නායකයන් ඉල්ලයි – මහනුවර වාර්තාකරු

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනතා අපේක්ෂාවන් ඉටුකර රට තුළ වහා සාමය ස්ථාපිත කිරීමට කටයුුතු කළ යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.
මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම නිවේදකය නිකුත්කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මේවන විට රටේ ආරක්‍ෂාව මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට ලක්ව ඇත. ජන ජීවිතය සුරක්ෂා කොට ජනතා ගැටලු විසඳීමෙහි ලා නිසි සැලැස්මක් නොමැතිව අත්තනෝමතික වූ බල අරගලයන් තුළින් සිදු වනුයේ තව දුරටත් රට අරාජික වීමයි. එහෙයින් මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පිළිබඳව අවධානය යොමුකොට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව වහා කැඳවා ජත්‍යන්තර වශයෙන් දේශයේ ප්‍රතිරූපයට හානියක් නොවන පරිද්දෙන් විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව අපි නැවත නැවතත් අවධාරණය කරමු.
තවද මෙම තීරණාත්මක මොහොත තුළ රටේ නීතියට අවනතව නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සාමකාමීව සිය විරෝධය දැක්වීම හැර මහජන දේපොළ වලට හානි පමුණුවන කිසිදු ක්‍රියාවක නොයෙදීමට විරෝධතාවයේ නියුතු මහජනතාව ද වගකීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.
එසේම රට තුළ පවත්නා සැබෑ වාතාවරණය පිළිබඳ දැනුවත් වීම මහජනතාවගේ අයිතියක් වන හෙයින් නිදහස් තොරතුරු වාර්තාකරණයට ඉඩ ලබාදී ජන ජීවිත ආරක්ෂා කරමින් රටේ සාමය පවත්වාගෙන යාමට කටයුතු කිරීම ආරක්ෂක අංශවල යුතුකම හා වගකීම වන බව අපගේ විශ්වාසයයි.