බැංකු 1074 ක් වැසි යන ලකුණු – මහනුවර වාර්තාකරු

ඉන්ධන ලබා දීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි බැංකු හා සෙසු සෙසු කාර්ය මණ්ඩල අත්‍යවශ්‍යය සේවා ගනයට ඇතුළත් නොකිරීම නිසා මේවන විට දිවයිනේ සමෘද්ධි බැංකු 1074 ක් වැසී ගොස් ඒවායින් ප්‍රතිලාභ ලබන ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරින්ගේ සංගමයේ සභාපති එන්.එම්.අයි.බී අබේසිංහ මහතා පවසයි.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමෘද්ධි ලාභීන් ඇතුළු දුගී දුප්පත් පවුල් ලක්ෂ 33 ක් සඳහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ සමෘද්ධි බැංකුව ඔස්සේ බවත් පවතින තත්ත්වය තුළ එම වැඩපිළිවෙළද මේවන විට ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බවත් ඒ මහතා කීය.
මහනුවරදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රට අද පත්ව තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු බවත් නිලධාරීන් තම වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු නොකළ හොත් අරගලකරුවන් ඔවුන් පන්නා දැමීමට කටයුතු කරන දිනය වැඩි ඈතක නොවන බවද හෙතෙම අවධාරණය කළේය.
මේවන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ග්‍රමා නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරීන් පමණක් අත්‍යවශ්‍යය සේවා ගනයට ඇතුළත් කර තිබෙන බවත් මේ නිසා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි බැංකු හා සෙසු සෙසු කාර්ය මණ්ඩල වලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීය.
සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජී.එම්.ඒ.බී බස්නායක මහතා අදහස් දක්වමින් මේවන විට අපේ නිලධාරීන් මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස තුන් වතාවක් ඉල්ලා සිටි බවත් මෙයට කඩිනම් විසඳුමක් ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයා පියවර නොගත හොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් පැවසුවේය.
මෙම අවස්ථාවට සංගමයේ නීති ලේකම් බන්දුල වරකාගොඩ, සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන උප ලේකම් එම්.වික්‍රමසිංහ යන මහත්වරුද සහභාගි වූහ.