මිළඟ ජනපති කවුද ? බර්නාඩ් එදිරිසිංහ ලියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දින ඉල්ලා අස්වුවහොත් අනුප්‍රාප්තික ජනපති කවුරුන් වෙයි ද?
අනුප්‍රාප්තික ජනපති අපේක්ෂයින් විය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා සිවිල් සමාජ නායකයින් පිළිබඳ විශාල කතාබහක් සමාජයේ ඇති වි තිබෙන අතරින් රනිල් වික්‍රමසිංහ පිළිබඳව දළ තක්සේරුවක් පහත දැක්වේ.
රනිල් වික්‍රමසිංහ ජනපතිවිම පක්ෂව ඉදිරිපත් කරන තර්ක මේසේ සාරංශ කළ හැකියි;
අ) පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ (පොහොට්ටුව) සහයෝගය සහතික කිරීම:
වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් තවමත් හිමිව ඇත්තේ පොහොට්ටුවට වෙයි. එහි තින්දු තිරණ ගනු ලබන්නේ එහි න්‍යයාචාර්ය ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ විසිනි. මේ නිසා රනිල් ජනාධිපති වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් ජානධිපතිවරයාට සහයෝගය ලබා දිම නියත වශයෙන්ම සිදුවිය හැකියැයි අනුමාන කරනු ලැබේ.
ආ) ජාත්‍යන්තරය සමග ගණුදෙනු කිරීමට වඩාත් සුදුසුම රාජතාන්ත්‍රික දේශපාලනඥයා විම:
රනිල් වික්‍රමසිංහගේ රාජ තාන්ත්‍රිකභාවයේ ශක්තිය ප්‍රධාන මුලාශ්‍ර දෙකකින් ගලා එයි. පළමුවැන්න ඔහු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රමුඛ බටහිර අන්තර්ජාතික ආයතනයන් හි මුලෝපායන් සමග ප්‍රතිපත්තිමය එකඟතාවයක සිටින්නෙක් විමයි. පෞද්ගලිකකරණය එහි මුලධර්මයෙන්ම පිළිගන්නා ඔහු මසකට රුපියල් බිලියන 4කට ආසන්න අලාභයක් භූක්තිවිඳින එයාර් ලංකා සමාගම වැනි රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලිකකරණය කිරීම වෙනුවෙන් නිර්භයව පෙනි සිටියි. මේ නිසා විදේශ ආධාර ලබා ගැනීම පිණිස රාජ්‍ය ප්‍රතිපත්තිතිය කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියේ දි රනිල් වික්‍රමසිංහ ගේ ස්ථාවරය ආධාර දෙන රාජ්‍යයන්ට හා ආයතනවල ඇගයිමට ලක් විම නොඅනුමානය. මේනිසාම භූ-දේශපාලනික වශයෙන් ඇමරිකාව- ජපානය හා ඉන්දියාව ඔස්සේ ගලා එන ප්‍රතිපත්තිමය මුලෝපායන්ට ද ඔහුගේ ධනාත්මක ප්‍රතිචාරය සහතිකය. මෙම භූ-දේශපාලන තරඟයේ අනෙක් තරඟකරුවා වු මහජන චිනය ද රනිල් වික්‍රමසිංහ කෙරෙහි හානියක් නොකරන ප්‍රතිවාදියෙක් වශයෙන් පිළිගැනිමක් ඇති බව නිසැකය. 2015 මහා මැතිවරණයේ දි ‘වරාය නගර’ ගිවිසුම තමා බලයට පත් වු පසු අවලංගු කරන බව ප්‍රසිද්ධියේ කියා සිටි රනිල් වික්‍රමසිංහ එම ගිවිසුම ඉදිරියට ගෙන ගියා පමණක් නොව ගත් ණයට හිලව් විමට හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට දීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල ඉතාමත් ශුර ලෙස පෙනි සිටියේය.
මිට අමතරව රනිල් වික්‍රමසිංහ ජර්මනිය කේන්ද්‍ර කොට ගෙන පිහිටුවා ඇති මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි සංගමයේ (International Democratic Union-IDU) හිටපු උපසභාපතිවරයෙකු වන අතර ආසියානු- පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදි සංගමයේ (Asian Pacific Democratic Union-APDU) වත්මන් සභාපතිවරයා වෙයි. IDU හි කලාපීය ශාඛාවක් වන APDU හි වත්මන් සාමාජිකයින් පක්ෂ 15 අතරින් ආණ්ඩු බලය දරන සාමාජිකයින් අතර ඉන්දියානු අගමැති මෝඩි රනිල් වික්‍රමසිංහට දක්වන සහයෝගය කැපි පෙනෙයි. යුරෝපිය රටවල් අතර මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩු බලය දරන කොන්සර්වේටිව් පක්ෂය ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සමාජිකයෙක් වන අතර පසුගිය කාලය තුළ කොන්සර්වේටිව් පක්ෂය බ්‍රිතාන්‍ය ආණ්ඩු පක්ෂය වශයෙන් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්විම කැපි පෙනිණ. දේශපාලනික වශයෙන් මධ්‍ය දක්ෂිණංශික රනිල් වික්‍රමසිංහ ඇමරිකාව- ජපානය ප්‍රමුඛ බටහිර ලෝකාධිපත්‍ය වළල්ල සමග ප්‍රතිපත්තිමය වශයෙන් ගැලපෙන දේශපාලන දෘෂ්ටියකින් යුක්ත තැනැත්තෙක් වෙයි. එය ද රනිල් ට බටහිර සමග ගණුදෙනු කිරීමට තිබෙන සුදුසුකමක් ලෙස සැලකේ.
රනිල් වික්‍රමසිංහ විරෝධීන් ගේ තර්ක;
අ) රනිල්ට මහජනයා ගේ විශ්වසනීයත්වය ලැබි නොමැත:
අරගලයේ ප්‍රධාන ඉල්ලිම ගෝඨා-රනිල් සිය ධුර වලින් වහාම ඉවත් විය යුතුය යන්නයි.අරගලයේ නියෝජන කරමින් ජුලි 11 දින අස්ගිරි-මල්වතු නාහිමිවරු බැහැ දුටු උලපනේ අස්සජි හිමි ප්‍රකාශ කළ පරිදි ‘ගෝඨා එළවා දැමු ජුලි 9 දින කුණාටුව රනිල් ජුලි 13 දිනට පෙර අගමැති ධුරය අත් නොහළහොත් මිළඟ එළඹුම ‘සුනාමියක්’ වේයැයි යනුවෙන් කළ ප්‍රකාශය සැලකිල්ලට ගැනිම වටි. රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වු ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති සාලිය පිරිස් ප්‍රකාශ කළේ ‘ යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුවහොත් එය බරපතල ගැටලුක් නිර්මාණය කිරීමක්’ වන බවයි.
මිට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීමේ දි රනිල් වික්‍රමසිංහ විසින් අනුගමනය කරනු ඇතැයි අනුමාන කරන ප්‍රතිපත්ති ‘දේශිය සම්පත්’ ( කෝටි ගණන් පාඩු ලබන දිළිඳු ජනයා විසින් බදු ගෙවන) විනාශ කිරිමට තුඩු දෙනු ඇතැයි යනුවෙන් විවේචනයක් ද පවති.
ආ) ජාත්‍යන්තරය සමග ගණුදෙනු කිරිමට සිටින එකම තැනැත්තා රනිල් පමණක් නොවේ:
ජාත්‍යන්තරය සමග ගණුදෙනු කිරීම ‘දේශපාලන-නිලධාරි කණ්ඩායමක සාමුහික ක්‍රියාවලියක්’ වෙයි. එවැනි සාමුහික ක්‍රියාවලියක් සාර්ථික කර ගැනීමට නායකත්වයක් ලබා දිය හැකි එකම තැනැත්තා රනිල් පමණක් ද යන්න ප්‍රශ්න කරනු ලබයි. රනිල් වික්‍රමසිංහට පෙර එම කාර්යභාරය අලි සබ්රි මුදල් ඇමති වශයෙන් දැරු අතර අනාගතයේ දි එබඳු කාර්යකට සුදුසු මන්ත්‍රිවරුන් වශයෙන් හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් ගේ නම් කියවෙන බව ද සැලකිල්ලට ගත යුතුවේ.
ඇ) රනිල් වික්‍රමසිංහ ජනාධිපති පදවිය භාර ගැනීම දේශපාලන සදාචාරසම්පන්න නොවීම:
රනිල් වික්‍රමසිංහ හා ඔහු නායකත්වය ලබා දුන් එක්සත් ජාතික පක්ෂය 2019 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වු අතර සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ හිමි වු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ඔහු ලබා ගෙන පාර්ලිමේන්තුවට ඇතුල් වුයේය. පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් එක් ආසනයක් පමණක් ලබා ගත් තැනැත්තෙක් අගමැති ධුරයට පත් කිරීම හා රනිල් වික්‍රමසිංහ විසින් එය භාර ගැනීම ඉතා බරපතල ලෙස විවේචනයට භාජනය විය. මේ නිසා ඔහු ජනාධිපති පදවිය භාර ගැනීම අගමැති පදවිය භාර ගැනීමටත් වඩා බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් වෙයි.එසේ ම මහා බැංකු වංචාව සම්බන්ධයෙන් ඔහුට තිබෙන චෝදනාව, රාජපපක්ෂවරුන් රනිල් වත් රනිල් විසින් රාජපක්ෂවරු ආරක්ෂ කිරීම පිළිබඳවත් පිළිබඳව තිබෙන සාක්ෂි ජනාධිපති ධුරය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරයි.
හෙට සජිත් ප්‍රේමදාස ගේ අපේක්ෂකත්වය ගැන තක්සේරුවක් බලාපොරොත්තු වන්න.