ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනතාවට සහන දෙන්න අස්ගිරි පාර්ශවය අධිකරණ අමාත්‍යවරයාට කියයි. නිමල් කොළඹිස්ස – මහනුවර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රථමයෙන් මහජනයාට යම් ආර්ථික සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතුයි අස්ගිරි මහ විහාර පාර්ශවය පවසයි.
රටක් ස්ථාවරවීම සඳහා දේශපාලන ස්ථාවරත්වය බලපාන නමුත් මහජනයාට යම් හෝ සහන ලබා දීම අත්‍යවශ්‍ය වී ඇතැයි එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහා නායක හිමියන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ (29) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාල ලබා ගත්තේය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ඇතුලු කාරක සංඝසභාවේ මහා සංඝරත්නය හමුවේ යෝජිත නව වැඩපිළිවෙල දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල ඉවත්කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම රටට අහිතකර යැයි පෙන්වා දුන් අස්ගිරි මහ විහාර පාර්ශවය ජනාධිපතිවරයාට යම් බලතල හිමිකිරීම කාලෝචිත යැයි සඳහන් කළහ.
ආර්ථික අසීරුතාවයෙන් පීඩාවට පත්ව සිටින මහජනයාට සහන ලබාදීමෙන් පසු ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පියවර ගැනීම වඩා උචිත යැයි අස්ගිරි මහා විහාර පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ අනුනායක පූජ්‍ය ආණ්මඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළේය.
මහා නායක හිමියන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අධිකරණ අමාත්‍යවරයා, එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ආර්ථික බංකොලොත්භාවයකට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය නිසා යැයි ප්‍රකාශ කළේය.
එය නිවරැදි කර ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයාට තනි මතය අනුව කටයුතු කිරීමට ඇති හැකියාව වෙනුවට පාර්ලිමේන්තුව ඇතුලු රාජ්‍ය ආයතනවලට බලය හිමිවන ජනතා විශ්වාසය රැක ගත හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරා අප යොමු විය යුතුයි. ඒ සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබාදී තිබුණු ස්වාධීන ආයතන පවත්වාගෙන යමින් රාජ්‍ය අංශයේ දූෂණය වංචාව තුරන් කළ හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම වඩාත් සුදුසුයි.
ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු මෙරට මුදල් අමාත්‍යධූරයට පත්ව රටේ ආර්ථීකය විනාශ කිරීමට යොමුවුණේ මෙම ව්‍යවස්ථාවේ පැවැති තත්ත්වය නිසයි.
ජාතික ලැයිස්තුවෙන් හෝ මන්ත්‍රීවරු ලෙස පැමිණියක් මෙරට ව්‍යවස්ථාව අනුව මහජන නියෝජිතයන් 225 දෙනාම සමාන බව ව්‍යවස්ථාව අනුව පිළිගැනෙන බව අමාත්‍යවරයා කීවේය. ආණ්ඩුව අසාර්ථක වන විට ආණ්ඩුව භාර ගත යුත්තේ විපක්ෂ නායකවරයා ප්‍රධාන විපක්ෂයයි. මාසයක් තිස්සේ සාකච්ඡා කළත් විපක්ෂයෙන් ඉල්ලා සිටියත් ඔවුන් ආණ්ඩුව භාර ගත්තේ නෑ.
ආණ්ඩුව භාර ගන්නා ලෙස ජනාධිපතිවරයා පවා විපක්ෂයට දැනුම් දුන්නා. ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා කොන්දේසි විරහිතව විපක්ෂයට සහය ලබා දෙන බව 41 ස්වාධීන කණ්ඩායම වශයෙන් අප ප්‍රකාශ කළත් විපක්ෂය ආණ්ඩුව භාර නොගත් බව අමාත්‍යවරයා කීවේය. ඒ අනුව අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ඉදිරිපත්වූ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
අරගල කරන තරුණයන් ඉල්ලා සිටින පරිදි ජනාධිපතිවරයා ඉවත්ව ගියහොත් යළි ජනාධිපතිවරයෙකු පත් කර ගත යුත්තේ පාර්ලිමේන්තුව විසින්ම යැයි කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවමත් බහුතර බලයක් ඇති අවස්ථාවක අනෙක් විකල්පය වන බැසිල් රාජපක්ෂ මහතා, ජනාධිපති වශයෙන් පත්වීමේ අවධානමක් ද පවතින බව කීවේය. ඒ නිසා මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යවශ්‍ය යැයි කී ඒ මහතා එය රටේ හා මහජන ආරක්ෂාව තහවුරු වන පරිදි වඩාත් විමසිලිවමත්ව කළ යුතුව ඇතැයි කීහ.
පාර්ලිමේන්තුවේ බහුතර බලය සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය නම් සිය අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගත හැකි නමුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයු 53 දෙනෙකු මේ වන විට ස්වාධීන වී ඇතැයි ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමි, කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම මංගල හිමි, කාරක සංඝසභික පූජ්‍ය මුරුද්දෙණිය ධම්මරතන හිමියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.