ආගමන විගමන ඔන්ලයින් ගැටලුවක – මහනුවර වාර්තාකරු

Passport of Sri Lanka on white background
ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් ලබාදී තිබෙන මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා අවශ්‍යය ඡායාරූප ඔන්ලයින් ඔස්සේ එම දෙපාරතුමේන්තුව වෙත යොමු කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ආයතන දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.
එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය 95% ක් පමණම බිඳ වැටීම නිසා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශාලා වලට පැමිණෙන ජනතාවද දැඩි අසීරුතාවට පත්ව ඇත.
අදාළ කාරණය දැනුම් දීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇමැතුමක් ලබා ගැනීමට කොතෙක් උත්සහ කළත් එයද සාර්ථක නොවන බව ඡායාරූප ශාලා හිමියෝ පවසති.
ඡායාරූප ලබා ගැනීමෙන් පසු ඔන්ලයින් ඔස්සේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඡායාරූප යොමු කිරීම සඳහා ඒවා මෘදුකාංගය ඔස්සේ ඇතුළත් කිරීමට පැය ගණන් වේලා බලා සිටිය යුතු බවත් ඇතැම් දිනවල එකදු ඡායාරූපයක් හෝ යැවීමට නොහැකි බවත් ඔවුහූ ප්‍රකාශ කරති.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය තුළ පවත්වාගෙන යන ඡායාරූප ශාලාව මගින්ද අදාළ ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත ඔන්ලයින් ඔස්සේ යොමු කළ නොහැකි බව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසයි.
මෙම ගැටලුව සම්බන්ධව මහනුවර ආගමන විගමන පාලකවරයා ලිඛිතව දැනුම්වත් කිරීමට එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඡායාරූප ශාලා හිමියෝ පියවර ගෙන තිබේ.