තෙල් බවුසර් තුනක් ජනතා ග්‍රහණයට ගනී – හලාවත වාර්තාකරු

දින හතක කාලයක සිට හලාවත ට පෙට්‍රල් ලැබී නොමැති බව පවසමින් හලාවත පිරිසක් 23 රාත්‍රියේ ඉන්ධන පිරවූ බවුසර් තුනක් සිය ග්‍රහණයට ගෙන පැය පහකට ආසන්න කාලයක් රදවා ගෙන තිබීම හේතුවෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා සිදු විණි . හලාවත නගරයේ ඉන්ධන පිරවුම් හල් තුනක් පිහිටා ඇති අතර සතියක පමණ සිට මේ ඉන්ධන පිරවුම් හල් තුන සදහාම පෙට්‍රල් ලැබී නොතිබීම හේතුවෙන් සියලු සේවාවන් අඩාල වී තිබිණි . විශේෂයෙන් මේ තත්වය ධිවර කර්මාන්තයට , ත්‍රිරෝද රථ රියදුරන්ට හා රජයේ සේවකයනටද තදින් බලපා තිබිණි . මේ ඉන්ධන පිරවුම් හල් තුනෙන්ම පෙරේදා දිනයේ පෙට්‍රල් නිකුත් කරන බව පවසා තිබීම හේතුවෙන් ජනතාව කුපිතව මෙලෙස ක්‍රියා කර ඇත .
තත්වය පාලනය කිරීම සදහා හලාවත ජෞශ්ධ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා හලාවත පොලිස් කොධ්ධාශයේ සියලු පොලිස් ස්ථාන කැදවා තිබු අතර පසුව යුධ හමුදා වද කැදවීමට පියවර ගෙන තිබිණි ..
පැය පහකට ආසන්න කාලයක් මේ තත්වය තිබී ඇති අතර පසුව ආගමික නායකයන් .පොලිසිය හා යුධ හමුදාව එක්ව ජනතාවට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව බවුසර් තුන ජනතා ග්‍රහණයෙන් මුදා ගැනීමට පොලිසිය සමත්ව තිබේ .
මේ අතර 23 පස්වරුවේ මාර්ගයේ ගමන් කල ගෑස් ලොරියක් නැවැත්වීමටද හලාවත ජනතාව පියවර ගෙන තිබිණි .