වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් අස්ගිරි මහා විහාරීය සුභාශිංසන පණිඩුවය – නිමල් කොළඹිස්ස – මහනුවර

අස්ගිරි මහා නායක හිමි

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරමින්, යහපත් මනුෂ්‍යයකු වශයෙන් ජීවත්වීමට ශ්‍රී සද්ධර්මය උපයෝගී කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසයි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සැනසීම උදෙසා ශ්‍රී සද්ධර්මය බෙහෙවින් වැදගත් වන බව වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් සුභාශිංසන එක් කරමින් මහා නායක හිමියන් සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඉවසීම, දයාව, අනුකම්පාව ආදී ගුණධර්ම පෙරදැරිව උතුම් මිනිස් ගුණාංග වර්ධනය කර ගත යුතු යැයි ද මහා නායක හිමියන් ප්‍රකාශ කළේය.

වෙසක් තොරණ, වෙසක් කූඩු සංදර්ශන ආදී ආමිස පූජා මගින් බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය කරන හැගීම් ඇති කර ගැනීම  බෞද්ධයන් සිදුකරන බව කී මහා නායක හිමියන්,  ප්‍රතිපත්ති පූජාවන් සඳහා මුල්තැන දීමද වඩා වැදගත් වන බව කීවේය.

හික්මීමෙන් යුක්ත බෞද්ධයන් වශයෙන් කිසිදු අවස්ථාවක හිංසා පීඩා නොකර අනුන්ගේ දුකේදී දුක් වන හා සැපතේදී සතුටු වන පිරිසක් බවට පත්විය යුතු යැයි ද සඳහන් කළේය.

බෞද්ධත්වය රැකෙන පරිදි කටයුතු කිරීම මෙම වකවානුවේදී ඉතා වැදගත් යැයි පෙන්වා දුන් උන්වහන්සේ වාසනාවන්ත බෞද්ධයන් වශයෙන් මෙලොව පරලොව සුගතිය සඳහා ක්‍රියාකිරීම ඉතාමත් වැදගත් බව වැඩිදුරටත් සඳහන් කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *