වෙසක් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මල්වතු මහා විහාරීය සුභාශිංසන පණිඩුවය – නිමල් කොළඹිස්ස – මහනුවර

 

ආමිස පූජා අභිභවා ප්‍රතිපත්ති පූජා සඳහා ප්‍රමුඛත්වය ලබාදීම මෙවර වෙසක් දිනයේදී අපේක්ෂා කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති.

පවතින ආර්ථික අභියෝග හමුවේ මහා තොරණ, විශාල වෙසක් සැරසිලි ආදියට යොමුවීම වෙනුවට සීල,බණ, භාවනාදී වැඩසටහන් සඳහා යොමුවීම වඩා කාලෝචිත යැයි උන්වහන්සේ සඳහන් කරයි.

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් මල්වතු මහා විහාරීය වෙසක් දින ප්‍රකාශය නිකුත් කරමින් එම පාර්ශවයේ අනුනායක හිමියන් මේ බව සඳහන් කළහ.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පෝය වැදගත්වේ.

එනමුත් ශ්‍රී ලංකාවාසීන්ට එය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වන නිසා යැයි උන්වහන්සේ පවසති. ලෝකයාට බෞද්ධ ධර්ම ප්‍රචාරය සිදුකරන දේශයක් වශයෙන් ශ්‍රී ලංකාව සුවිශේෂී වන බව ද උන්වහන්සේ කීහ.

එබැවින් වෛරය, ක්‍රෝධය, හිංසාව, පීඩාව දුරලා කරුණාව, මෛත්‍රිය, දයාව හා අනුකම්පාව පෙරටුව උතුම් දහම් සිතුවිලි වර්ධනය කොට මිනිස් ජීවිත වාසනාව කරා යොමු කරවීම මෙවර වෙසක් සමයේදී අධිෂ්ඨාන කර ගත යුතු යැයි අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම  හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *