රජයට එරෙහිව හෙට දිනයේ දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් – හංසලි උමාදි 

ආණ්ඩුවට එරෙහි රට පුරා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහභාගි වීමට වෘත්තිය සමිති රැසක් එකඟතාව පළ කර තිබෙයි.ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයින් පවසා තිබුණේ, පටු දේශපාලන වුවමනාවක් මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම වැඩවර්ජනය ඇතැම් පිරිස් සිදුකිරීමට නියමිතව සිටින බවයි. තමන් ඊට එක් නොවන බවත්, සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් ය.

 

වෘත්තීය සමිති ඉවත්වීම හෙට පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට කිසිසේත් බාධාවක් නොවන බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ.

එමෙන්ම,හෙට පැවැත්වීමට නියමිත වැඩවර්නයට තමන් ද සහභාගී වන බවයි අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය පවසා ඇති. ඒ අනුව, හෙට දිනයේ අනධ්‍යන සේවකයින් පාසැල්වල කටයුතුවලට සහභාගී නොවන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පවසා ඇති.

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංධානයේ සම කැදවුම්කරු එස් පී විතානගේ.

හෙට පැවැත්වෙන වර්ජනයට සහය ලබාදෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් අද දිනයේ තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා තිබෙයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යි.

හෙට දිනයේ පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද අදහස් පළ කළා.

මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම හර්තාල් ව්‍යාපාරය සඳහා ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි, ගුරු ඇතුළු රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති එක්වීමට නියමිතයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *