අස්ගිරි පාර්ශවය මගින් අඩු ආදායම්ලාභීන්ට වියළි සලාක ප්‍රදානයක් _මහනුවර වාර්තාකරු

මහනුවර අස්ගිරිය, අනිවත්ත සහ බහිරවකන්ද ග්‍රාම නිලධාරී වසම්වල අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ප්‍රදානය කිරීම අස්ගිරි මහ විහාර පාර්ශවය මගින් ඊයේ සිදුවිය.
ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සහයෝගය මත හිමිවූ මෙම වියළි සලාක ප්‍රදානය කිරීම අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සහල්, සීනි, තිරිඟු පිටි, පරිප්පු සහ කිරිපිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාරවලින් මෙම වියළි සලාක කට්ටලය සමන්විතය.
මෙම සලාක කට්ටලය හිමිවූයේ අඩු ආදායම්ලාභී පවුල් එකසියඅසූවක් සඳහාය.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි, ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, එම පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.