කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය සංරක්ෂණයට පියවර – මහනුවර නිමල් කොළඹිස්ස

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දුම්රිය බලවේග කට්ටල සහිත අංගනය සංරක්ෂණය කිරීමට මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව
සැලසුම් කොට තිබේ.

අදියර කිහිපයක් යටතේ මෙම ස්ථානය සංරක්ෂණය කෙරන අතර මෙම වර්ෂයේදී එළිමහනේ ගාල් කොට ඇති ඉපැරණි දුම්රිය බලවේග කට්ටල
සඳහා ආරක්ෂිත ආවරණ වහලයක් සකස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට වසර 150ක් පිරීම නිමිත්තෙන් දුම්රිය ඉතිහාසය සනිටුහන් කරමින් මෙම කෞතුකාගාරය කඩුගන්නාවේ ස්ථාපිත කරන
ලද්දේ වර්ෂ 2014 දෙසැම්බර් මස 27 වන දිනය. ප්‍රදර්ශනය සඳහා එළිමහනේ ගාල් කොට ඇති දුම්රිය බලවේග කට්ටල අධික වැසි හා අව්රශ්මිය හේතුවෙන් මේ වන විට විනාශවීමේ අවදානමක් පවතින නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් මෙම ස්ථානය ආරක්ෂා කිරීම සිදුවේ.
ඒ අනුව, රුපියල් මිලියන 30ක වියදමින් වහලයක් ඉදිකරන අතර ඊට සමගාමීව අනෙකුත් යටිතල පහසුකම් ද සංවර්ධනය කිරීමට සැලසුම් කොට තිබේ.
විදේශීය සංචාරකයන්, පාසල් දරු දැරියන් ඇතුලුව දේශීය නරඹන්නන් ද විශාල පිරිසක් දෛනිකව මෙම ස්ථානයට පැමිණෙන අතර ඉදිරි පරපුර වෙනුවෙන්කෞතුකාගාරය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සංරක්ෂණ වැඩපිළිවෙල දියත් කරන බව මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා තිලකරත්න මහත්මිය සඳහන් කරයි.
ඉකුත් වර්ෂයේදී මෙම දුම්රිය ස්ථානය සඳහා සිය දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් විදේශීය සංචාරක රැදවුම් ස්ථානයක් ඉදිකළ බව ද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.