“හොඳම විසඳුම අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි” පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා පවසයි – මහනුවර වාර්තාකරු

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම වෙනුවෙන් ඇති විකල්ප විසඳුම් ගණනාවක් අතරින්  ගන්නට තිබෙන ඉතාම හොඳ විසඳුම අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.මහජනතාවට මෙන්ම තරුණයින්ටත් ගොවීන්ටත් ව්‍යාපාරිකයින්ටත් මිත්‍ර පාර්ශික ජත්‍යන්තර ප්‍රජාවටත් පිළිගත හැකි පාලන තන්ත්‍රයක් වගේම ආර්ථික වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම මගින් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බවත් එ සඳහා සියලු කරණු ඇතුළත් කරමින් විසඳුම් යෝජනා වලියක්  පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීරු 10 දෙනෙකු විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා කීය.

අදාළ යෝජනා මාලාව මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හා අස්ගිරි අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන නාහිමිවරුනට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වසන්ත යාපා බණ්ඩාර මහතා 29 දා මේ බව ප්‍රකාශ කළේය.

කේ.පී.එස් කුමාරසිරි,නීතිඥ උදයන කිරිඳිගොඩ,කරුණාදාස කොඩිතුවක්කු,ලලිත් එල්ලාවල,සුදත් මංජුල,නීතිඥ වසන්ත යාපා බණ්ඩාර,වෛද්‍ය උපුල් ගලප්පත්ති,අකිල සාලිය එල්ලාවල, උදයකාන්ත ගුණතිලක යන මන්ත්‍රීවරු මෙදින අනුනාහිමිවරු බැහැදැකීමට පැමිණ සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

මෙම යෝජනා වලිය ක්‍රියාවට නැන්වීම වෙනුවෙන් ආණ්ඩුවට බල කිරිමත් විපක්ෂයයෙන්  ඉල්ලීම් කිරීමටත් අපි කටයුතු කරනවා.ඒ  ඔස්සේ අප සියලු දෙනාට සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනයක් කෙටි කාලයකට බිහිකර ගත හැකියි.
ගෝඨා ගෝ හෝම් යන සංකල්පය සයිද්ධාන්තිකවත් ප්‍රායෝගිකවත් නිවැරදි නොවන බව අපගේ හැඟීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයේ සිටින අවස්ථාවේ තමයි කාලාන්තරයක් තිස්සේ උඩුදුවන ලද ආර්ථික අර්බුදය පිටතට පැමිණියේ. කොරෝනා වසංගතයත් යුක්රේන රුසියා යුද්ධයත් ඇතුළු වෙනත් කාලීන තත්ත්වයන් ගණනාවක් මේකට බලපෑවා.

ගෝඨා ගෝ හෝම් සංකල්පය ජයග්‍රහණය කර ජනපති ඉවත් වුණොත් බලය පාර්ලිමේන්තුවට පැවරෙනවා.එතනදී පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයගේ කැමැත්ත දිනා ගන්නා කෙනා ජනපති ලෙස පත්කිරීමට කතානයක වරයා විසින් නිර්දේශ කරනවා.මේක දීර්ඝ කාලයක් ගතවන 
ක්‍රියාවලියක්.අද තත්ත්වය හා බලත්දී  අපට අවශ්‍යය වෙන්නේ ක්ෂණිකව ඉතා කඩිනම් පවතින අර්බුදයට විසඳුම් සොයා ගැනීමයි. 

භාණ්ඩ මිල දරාගත නොහැකි ලෙස වැඩිවීම පාලනය කරන්න,භාණඩ හා සේවා සැපයුම් ජාලය සක්‍රීය කරන්න,ඔෘෂධ හිඟය නැති කිරිමට,පොහොර ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. ජනපති බලයෙන් ඉවත් කිරීම මගින් රටේ බලය පාතාල කල්ලි වලට අත්වීමේ උවදුරක් තිබෙනවා.අපි හඬ නගන්නේ ජනපති එම ධූරයේ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට එකඟව යම් විසඳුමක් කරා යන්නයි. මහ මැතිවරණයට ගියොත් කෝටි 1200 ක් වැය කරන්න වෙනවා.ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඒක දරාගන්න බැහැ. කවුද වැරදි කරුවා කියා හොරා ඇල්ලීමට වඩා පළමුව 
කළ යුත්තේ පවතින අර්බුදය විසඳා ගැනීමයි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *