හන්තානේ නැවත විනාශයක් – මහනුවර වාර්තාකරු

හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට අයත් මහනුවර හීරැස්සගල රෝසවත්ත ප්‍රදේශයේ වගුරු හා කුඹුරු බිමක් පාරිසරික පනත යටතේ ප්‍රකාශයට පත්කර තිිබෙන ගැසට් පත්‍රයේ නියමයින් සහ කොන්දේසි උල්ලංඝනය කරමින් ගොඩකරන බව හන්තාන සුරැකීමේ සංවිධානය පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස එම සංවිධානයේ ලේකම් අමිත් සේනානායක මහතා හන්තාන සුරැකීමේ කමිටුවේ සභාපතිවරයාට හා ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

හන්තාන පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශය පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය විසින් වර්ෂ 2010 පෙබරවාරී මස 17 දින ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අංක 1641/28 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගිනි.එහි පැහැදිලිව දක්වා ඇති නියමයන් හා කොන්දේසී වලට පටහැනිව අදාළ ස්ථානයේ වගුරු බිම ගොඩ කිරීමක් සිදුවන බවත් මෙමගින් විශාල පරිසර හානයක් සිදුවන බවත් අමිත් සේනානයක මහතා පවසයි.
තෙත්බිම් හා වගුරු බිම් ගොඩ කිරීම සහ වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීම සපුරා තහනම් වන අවස්ථාවක පාරිසරික සංරක්ෂණ වාර්තාවක් හෝ කිසිදු අනුමත ලියවිල්ලක් නොමැතිව අක්කරයක පමණ කුඹුරු ඉඩමක් හා පර්චස් 30 ක පමණ වගුරු බිමක් ගොඩකිරිම අදාළ ස්ථානයේ සිදු කරන බවත් මේවන විට එහි පවතින තෘණ ශාඛ ඉවත් කර තණ පිඩලී ඇතිරීමක් සිදු කරමින් සිටින බවත් පවසන අමිත් සේනානායක මහතා අදාළ කර්තව්‍යය වහා නතර කිරිමට ක්‍රියා කරන ලෙසත් මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හන්තාන සුරැකීමේ සංවිධානය දැනුවත් කරන ලෙසත් අමිත් සේනානායක මහතා හන්තාන පාරිසරික ආරක්ෂක කළමනාකරණ කමිටුවේ සභාපතිවරයාට හා ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හන්තාන පාරිසරික ආරක්ෂක කළමනාකරණ කමිටුවේ ලේකම් කේ.පී වැලිකන්නගේ මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ අදාළ කුඹුරු සහ වගුරු බිම් ගොඩකිරිම සම්බන්ධයෙන් නෛතික පියවර ගෙන තිබෙන බවයි.
ඡායාරූප-ගොඩකරමින් තිබෙන වගුරු බිම හා කුඹුරු ඉඩම

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *