හලාවත දී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට – හලාවත වාර්තාකරු

අද 27 දහවල් හලාවත නගරයේ මාවතක ඇද වැටී සිටි පුද්ගලයෙකු සතුව තිබු ගිනි අවිය සෙල්ලම් ගිනි අවියක් බව හලාවත
උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය .
මේ පුද්ගලයා මාර්ගයේ වැටී සිටියදී එම ස්ථානයට පැමිණි  ජනතාව  විසින් ගිනි  අවිය දැක පොලිසියට දැනුම් දී ඇති අතර පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
පෙනුමෙන් මෙය සෙල්ලම් ගිනි අවියක් විය නොහැකි බව එය ඇසින් දුටු ජනතාව පැවසුවත් පොලිසිය ප්‍රකාශ කලේ මොහු සාමාන්‍ය පුද්ගලයෙකු බවයි . ඒ අවස්ථාවේ මේ පුද්ගලයා අධික ලෙස බිමත්ව සිට ඇති බවද වාර්තා වේ .

මේ පුද්ගලයා මේ ගිනි අවිය සමග වැටී සිටින අයුරු දැක්වෙන ජයාරූප කීපයක්ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *