රට ගොඩනගන්න ජාතික ඒකාබද්ධතා ආණ්ඩුවක් ඕනෑ , පැෆරල් කියයි මහනුවර වාර්තාකරු

දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනන්වා ඊට සමගාමීව ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වන මාවතක් විවරකර ගත යුතුව තිබෙන බවත් ඒ සඳහා මූලික වශයෙන් ජාතික ඒකබද්ධතා ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සම්බද්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරය සකස් කළ යෝජනා වලිය මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත පිළිගැන්වීමෙන් අනතුරුව ඊයේ (24) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජාතික ඒකබද්ධතා ආණ්ඩුවක් පිහිටුවීම,විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම,දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අදාළ නව සංශෝධන සහිතව සම්මත කර ගැනීම,පාර්ලිමේන්තුවේන් බැහැර සමාජ බලපෑම් කණ්ඩායම් සමඟ අඛණ්ඩව සංවාදයකට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම,ජාතික ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා වන කමටුවක් ස්ථාපිත කිරීම හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සම්පාදනය කිරීම මෙම යෝජනාවලියට ඇතුළත්ය.
තරුණයෝ විශාල පිරිසක් ගෝල්ෆේස් පිට්ටනියට රැස්ව සිදුකරන විරෝධතාව ඔස්සේ ලබාදෙන පණිවිඩයට විධායකය හා ව්‍යවස්ථාදායකය ඇහුම්කන් දෙන තත්ත්වයත් පෙනෙන්නට නොමැති බවත් මේ ඔස්සේ රටේ පවතින ප්‍රශ්න තව තවත් උග්‍ර වෙමින් තිබෙන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීය.
මහජන මතය නොලසකා ඉදිරියට යාමට නොහැකි බවත් සියලු දේශපාලන එකතුවී පිහිටුවන ඒකාබද්ධ ආණ්ඩුවක් පිහිටුවීම ඔස්සේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවත් කී ඒ මහතා කොපමණ බහුතර බලයක් තිබුණද එක් දේශපාලන පක්ෂයකට මේ ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බවද අවධාරණය කළේය.
තුනෙන් දෙකක බහුතර බලයක් සමඟ ආණ්ඩුවක් පිහිටුවද ඊළඟ මෙහොතේ සිට මේ ආර්ථික ප්‍රශ්නය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත් වසර දෙකක් තුනක් යනතුරු ස්ථිර විසඳුමක් ගෙන ඒමට අවස්ථාවක් නොමැති බැවින් සියලු දෙනා එකතුවී ප්‍රශ්නයට උත්තර සෙවිය යුතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
පාර්ලිමේන්තුවේ බහුතරය නොසලකා සියලු දේශපාලන පක්ෂ එකඟතාවක් ඇතිකර ගත යුතුව තිබෙන බවත් මහජන විශ්වාසය හා ජත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමත් රට වැටී තිබෙන අර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීමත් සම්බන්ධව මෙහිදී ප්‍රධාන අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ජනමතය තේරුම් ගෙන ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වී ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ මොහොතේ එක මතයකට නොපැමිණ තම තමන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව කටයුතු ස්වභාවක් පේනන තිබෙන බවත් ඒ මහතා කීවේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මහජන හඬට කන්දිය යුතු බවත් එසේ නොවුණහොත් ඔවුන්ගෙන් බහුතරයකට ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ගිලිහී යනු ඇති බවත් හෙතෙම පැවසුවේය.