බෝතලයට තෙල් නොදුන්නට දත් තුනක් බඩට යවලා – මහනුවර වාර්තාකරු

බෝතලයකට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළේ යැයි උරණ වී ඉන්ධන පිරිවුම් හළක සේවකයෙකුගේ දත් තුනක් කැඩී යන සේ පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුට ගැනීමට මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
තළතුඔය මාරස්සන විවිධ සේවා සමුපකාරයට අයත් තැන්නකුඹුරේ පිහිටි ඉන්ධන පිරවුම් හළේ සේවකයෙකු පෙරේදා (23) පස්වරුවේ මෙම පහර කෑමට ලක්ව තිබේ.
තුවාල ලත් සේවකයා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පහරදීම සිදුකළ පුද්ගලයා ඊයේ (24) දහවල් වනවිටත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.