ගුරු – විදුහල්පතිවරු හෙට 25 දිනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක –  හංසලි උමාදි 

හෙට දිනයේදී එනම්, 25 දා දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසූවේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළි‌වෙළට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගි වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කර ඇති.
කෙසේ වෙතත්, දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන තිබේ.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *