අද කාලගුණය – හංසලි උමාදි

වැසි රහිත

දිවයිනේ තැනින් තැන වැසි ඇතිවීමේ ස්වාභාවයක්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී ද තැනින් තැන වැසි ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල, මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සම ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:

කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලමකොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇති විය හැක

සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.  

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එයි.

සුළගේ වේගය පැ.කි.මී. (2030) පමණ වේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (3540) පමණ දක්වාවැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක

සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු ස්වභාවයක් ගනියි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *