තෙල් කුරුණෑගල උණුසුම් කරයි – චාන්දනී දිසානායක කුරුණෑගල

 

ඉන්ධන හිග වීම හේතුවෙන් උරණ වූ පාරිභෝගිකයන් අද 17 දහවල් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇති විණි. .

දඹුල්ල සිට කුරුණෑගල දක්වා පැමිණි ගිලන් රථයක් සඳහා මාර්ගය විවෘත කළ අවස්ථාවේ සුඛෝපභෝගී මෝටර් රථයක් විරෝධතා නොසලකා හරිමින් කුරුණෑගල දෙසට ගමන් කිරීමට ගිය අවස්ථාවේ විරෝධතාකරුවන් ඊට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් මේ තත්වය ඇති වී ඇති අතර තත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කර තිබේ .
මෝටර් රථයේ රියදුරා විරෝධතා කරුවෙකුට පහරදීම හේතුකොටගෙන එම ස්ථානයේ කීපදෙනෙකු මෝටර් රථ රියදුරාට ද පහර දී ඇතැයි තොරතුරු වාර්තා වේ. සිද්ධිය සැලවී එම ස්ථානයට පැමිණි කුරුණෑගල පොලිසියේ නිලධාරීන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත .
මේ වන විට මෝටර් රථය කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තිබේ. කුරුණෑගල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

video link — https://youtu.be/8ILZK2Q-RYg

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *