සිංහළ හින්දු නව අවුරුදු උදාව සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීම – නිමල් කොළඹිස්ස – මහනුවර

සිංහළ හින්දු අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කිරි ඉතිරවීමේ මංගල්‍ය 14  පෙරවරුවේ සුභ මොහොතින් සිදුවිය.

අලුත් අවුරුදු උදාව සිදුවූ පෙරවරු 8.40ට නැගෙනහිර දිශාව බලා කිරි ඉතිරවීම සිදුවූයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙනි.

නව වසරක උදාවේ මුලින්ම කිරි ඉතිරවීම ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකිරීම පුරාතනයේ සිට සිදුවූ චාරිත්‍රයකි.

රටට සහ සමස්ථ මහජනයාට සුභසිද්ධිය ප්‍රාර්ථනා කරමින් ආගමිකවතාවත් පවත්වා සුභ මොහොතින් කිරි ඉතිරවීම සිදු කෙරේ.

දන්ත ධාතූන් වහන්සේ උදෙසා තේවාව භාර මහා සංඝරත්නය සහ රාජකාරී භාර කාර්යය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *